Tue. May 17th, 2022

මේ දිනවල බොහෝ බොහෝ දෙනෙක් ආදරේ කරන ගීතයක් තමයි අපි අපිව දන්නෙ කියන ගීතය. මේ ගීතයේ වචන අස්සේ පමණක් නොව ගායනා කරන ගායන ශිල්පීන්ගේ හඬ අතරේ ද රසිකයින් අතර අතරමං වෙනවා. හපන් පැදුර වැඩසටහන හරහා කලාවට පිවිසෙන ඇයට කලාව කියන දේ හිමි වන්නේ උපතින්මයි. ඒ නිසා ම ඇයට කලාව කියන්නේ ආධුනික තැනක් නොවේ. ජැක්සන් පවුලේ එකම දියණිය. නමින් මාධවී වත්සලා ඇන්තනී.

ඇය රංගනයට ගායනයට නිවේදනයට උපන් හැකියාවක් ඇති කෙනෙක්. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. අපි තමයි අපිව ගන්නේ ගීතයට බොහෝ දෙනෙක් මේ වෙද්දි ඇබ්බැහි වෙලා තියනවා. මේ ගීතය නිර්මාණය කරන්න ඔබට විශේෂිත හේතුවක් තිබුණද, මේක ඇත්තටම අපි ප්ලෑන් කරලා කරපු නිර්මාණයක් නෙවෙයි. මේක මටම ලියවුන නිර්මාණයකුත් නෙවෙයි. කසුන් එක වෙන කෙනෙකුට නිර්මාණය කළත් මගේ හඩින් අහන්න ආසයි කියලා තමයි මට ඒක දුන්නේ. ඇත්තටම ඒ වචන දකිද්දී මට ලෝභ හිතුණා. ලෝකෙට කියාගන්න බැරුව හදවෙතේ හිරවනන ආදර කතා අපි හැමෝටම තියෙනවා. ඒ හැම මතකයක්ම වචනවලින් සිවුම් ලෙස ස්පර්ශ කරන්න මේ වචන වලට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසාම අපි කතා වෙලා ඉක්මනට මේ ගීතය කළා.

මේ ගීතයේ රූප රාමුවට පෙම්වතා ලෙස කණිෂ්ක තෝරා ගැනීමට හේතුවක් තිබුණද, මට නළුවෙක් ගැන හිතන කොටම එක පාරටම ඔළුවට ආවේ කනිෂ්ක. මහපොලොවෙ පයගහලා ඉන්න නියම පෙම්වතාගේ චරිතය ඔහු හොඳට රඟ පෑවා කියලා මම හිතනවා. අපි රූප වලින් මවන දේවල් නෙමෙයි අපේ සැබෑ ජීවිත තුළ තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි නිර්මාණය කරන්න හදන්නේ සුදු ලස්සන ඇඟ පුම්බපු නළුවෙක්. හැබැයි මට ඕන වුණේ එහෙම පෙම්වතෙක් නෙමෙයි. ජීවිතය අඩියටම වැටිල කට්ටක් කාලා ජීවිතේ ජයගන්න පෙම්වතෙක්. ඉතින් ඒ චරිතයට කණිෂ්ක හොඳටම ගැලපුනා. ඔහු වේදිකාවෙන් කලාවට එන කෙනෙක්. ඒ නිසාම වෙන්නැති මේ ගීතයට ඔහුගෙන් ලොකු මෙහෙයක් ඉටු වුණා.

අප්පච්චිගේ නිර්මාණ වලට ඇයි ඔබට ආරාධනා නොලැබෙන්න, අප්පච්චි වුන පලියට එයාගෙ නිර්මාණවලට මාව යොදාගන්න බැහැ. අනික මම දුව කියලා එයාගෙ චිත්‍රපටවලට මාව ගන්නත් බැහැ. හැබැයි ඉදිරියේදී අප්පච්චිගෙ නිර්මාණයකට මාව සම්බන්ධ කරගන්න ඉන්නවා කියන ආරංචිය මට ලැබිලා තියෙනවා. ඒ මොන දේ වුනත් මමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා අප්පච්චිගෙ නිර්මාණයකට සම්බන්ධ වෙන්න.

කවදහරි දවසක ඔබට ප්‍රේමයක් අතහරින්න සිද්ධ වුනොත්, මේ ලෝකෙ බොහෝ දේවල් රඳා රඳාපවතින්නෙ ප්‍රේමය කියන දේ නිසා. කවදහරි ප්‍රේමය අත හරින්න පුළුවන් නම් නිවන් දකින්න පුළුවන් කියලා කියනවා නේ. හැබැයි ඇත්තම කතාව මට ප්‍රේමය අතහැරලා ජීවත් වෙන්න බැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *