Tue. May 17th, 2022

යුරේනි නොෂිකා කියන්නේ කාලෙන් කාලෙට අලුත් කතා මවන රංගන ශිල්පිනියක්. ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය කළඹවන චරිතයක්. විශේෂයෙන්ම ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නේ ඇගේ ඇඳුම් විලාසිතා නිසා. ඉතින් මේ සූදානම් වෙන්නේ ඇය ඒ ගැන කතා කරන්න. යුරේනි කියන්නේ වෙලාවකට රංගන ශිල්පිනියක් වෙලාවකට නිවේදිකාවක් මෙන්ම තවත් වෙලාවක නිරූපණ ශිල්පිනියක්.

ඔබට නිරන්තරයෙන්ම කට කතා හැදෙන චරිතයක් .ඒ ගැන මොකද හිතන්නේ, ඇත්තටම ඒ දේවල් වලට මට හිනා යනවා. මම සමාජය කියන දේවල් එක කනකින් අහලා අනෙක් කනින් පිට කරනවා. මම ඒ දේවල් ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. අනික මම හිතන්නේ මේ ජීවිතයේ නින්දා ප්‍රශංසා දෙකම අපිට ලැබෙන්න ඕනේ. ඒ නිසාම මම ඔය දෙකටම මගේ මනස හදාගෙන ඉවරයි. මිනිස්සු අපිව අගය කරන කොට අපි සතුටු වෙනවා වගේම අපි ප්‍රතික්ෂේප කරන කොටත් අපි සතුටු වෙන්න ඕන.

යුරේනිට පිරිමි ළමයින්ගේ ආදර ප්‍රකාශ ලැබෙන්නේ නැද්ද, ඇත්තටම මට පිරිමි ළමයින් ගෙන් ආදර ප්‍රකාශ එනවා හරිම අඩුයි. සමහර පිරිමි ලමයි ඉන්නවා මට කැමැත්තෙන්. මම ඒ ගැන දන්නවා. හැබැයි කවදාවත් එයාලා මගින් ආදරෙයිද කියලා අහන්නේ නැහැ. මම අහන්නෙත් නෑ ඉතින්.

කෙසේ වුවත් යුරේනි කියන්නේ ලෝකෙට බම්බු ගහගන්න කියා ජීවිතය විඳින කෙනෙක්. ඇයට සමාජයෙන් වැඩක් නැත.ඇයට අවශ්‍ය ඇගේ සතුට පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *