Tue. May 17th, 2022

හැමෝම ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. පුංචි තිරයේ වගේම රිදී තිරයේත් සිය රංගන හැකියාව ප්‍රේක්ෂකයින් වෙත ගෙන ආ ඇය වේදිකා රංගනය තුලත් කැපී පෙනෙන චරිතයක්. කාලයක් විදේශ රටක ජීවත් වුන ඇය නැවත ලංකාවට ඇවිල්ලා. ඒ වගේම තව මාස තුනකින් ඇය නැවත ලංකාවෙන් යනවා කියලා අපට දැනගන්න ලැබුනා. ඉතින් අපි ගයාත්‍රිගෙන් ඇහුවා ඔයා මේ ලංකාව දාලම යන්නද හදන්නේ කියලා.

ඉතින් ඒ ප්‍රශ්නෙට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක් ” එහෙම හරියටම කියන්න බෑ, මොකද ලංකාව දාලම යන්න මට බෑ. මෙහෙ තියෙන සුන්දර මතකයන් එක්ක ඒ දේ කොහොමටවත් කරන්න බෑ. නමුත් අවශ්‍ය දේ මම අවශ්‍ය වෙලාවට කරනවා. මම මේ රටවල් දෙකේම ඉඳීවි.”

ගයාත්‍රී මේ දවස්වල නඩුවකට සම්බන්ද වෙලා කියලා කට කතාවක් යනවා මොකද්ද මේ කතාවේ ඇත්ත නැත්ත. ‘මේකයි මගේ හොදකම හිතවත් අයියා කෙනෙක් නැතිවුනා. මම එයා ගැන දාපු පොස්ට් එකක් අල්ලලා මම බඳින්න හිටියේ එයා අපි බැඳලා කැනඩා යන්න හිටියේ කියලා එක එක කතා හදලා තිබ්බා. ඒවා දැක්කම ඒ මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇතිද.

මම ඒ සිදුවීමට දම්බන්දව පැමිණිල්ලක් දානවා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි කාගේවත් පෞද්ගලිකත්වය වෙන කෙනෙක්ට වැඩක් නෑ. අනික ඒ වගේ බොරු කතා හදන්න හොඳ නෑ ඒක චරිතයට කරන විශාල කැළලක්. මට කවුරුවත් එක්ක ෆොටෝ එකක් අරන් දාන්න බෑ ඒ මම බඳින්න යන කෙනා කියලා කතා හදනවා. මිනිස්සු මේ හදන කතා තමන්ගේ අක්කට නංගිට උනා නම් කියලා හිතනවානම් මෙහෙම වෙන්නේ නෑ” කියලයි ඇය කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *