Tue. May 17th, 2022

ලංකාවේ හැමෝම ගොඩක් හොඳින් හඳුනන චරිතයක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඇය ලංකාව තුල වඩාත්ම කතාබහට ලක්වුණේ ඇයගේ රෝසපාට රේන්ජ් රෝවර් රථය නිසා, ඒ වගේම ත්‍රිකලා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ නිරූපිකාවක් ඉතින් අපි අද කතා කරන්නේ ඇය සමග. ත්‍රිකලා ජීවිතේ පටන්ගත්තේ පුංචි පවුලකින්. ඉතින් කියන්න බලන්න ඔබේ පවුලේ විස්තර ටිකක් ”මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි, අක්කා දැන් නීතිඥවරියක්, අම්මා තාත්තා සංගීත ගුරුවරුන් පවුලේ මැද දරුවා වුණත් මට හැමෝම පවුලේ බාලයා විදිහට තමයි සැලකුවේ. අක්කටයි මල්ලිටයි වඩා වෙනස් දේවල් කරන්නයි මට ඕන වූනේ. අම්මා ගෙදර හදන බත් අක්කයි මල්ලියි කෑවත් අම්මා මට එළියෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනත් දුන්නා. චූටි කාලේ ඉඳලම මම අම්මගේ මේක්අප් බඩු අරගෙන මේක්අප් කළා. ඒ කාලේ ඉඳන් මම ලස්සනට අඳින්න ආසා කළා.”

ඔබ නිරූපන ශිල්පිනියක් විතරක් නෙවෙයි ඔබ සංගීත විශාරදවරියක් නේද ? ”ඔව්. මගේ අම්මයි තාත්තයි දෙන්නම විශාරද උපාධිධාරීන්. මම මවු කුසේ ඉඳම්ම සංගීතයට සවන් දුන්න කෙනෙක්. ඒ නිසා පොඩිකාලේ ඉඳලම මම සංගීතයට ගොඩක් නැඹුරු වුනා. මම එකොළහ වසර ඉගෙන ගනිද්දිම සංගීත අංශයෙන් විශාරදවරියක් විදිහට උපාධිය සම්පූර්ණ කළා. තාත්තට තමයි ලොකුම උවමනාවක් තිබ්බේ මට විශාරද උපාධිය කරවන්න.”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇය පසුගිය දිනක මුහුණු පොතේ අපූරු සටහනක් තියලා තිබ්බා ඒ තමයි ”පුංචි බීජයක් පැලවෙන්නේ සද්ද නැතුව එහෙම ටික ටික හැදෙන මහා රූස්ස ගහත් සද්ද කරන්නේ ඒක කඩාවැටෙද්දි විතරයි. ලෝක ප්‍රසිද්ධ රූමි වරක් කියනවා, ඔබ සාර්ථකත්වයට පත්වන්නට පෙර මහා සද්ද දාන්න එපා, ඔබේ ප්ලෑන් එක ලෝකෙටම කියන්න එපා, නිශ්ෂබ්ධව වැඩ කරලා සාර්ථකත්වයට කතා කරන්නට දෙන්න, එතකොට කිසි කෙනෙක් දන්නේ නෑ,කොයි වෙලාවටද ඔයාට ඇටෑක් කරන්න ඕනා කියලා. මිනිස්සු විනාස කරන්නේ මිනිස්සු දැනගන්න දේවල් විතරයි.නොදන්න දේවල් වලට අකුල් හෙලන්න කාටවත් බැහැ. තේරුම් ගන්න, නිතරම සද්ද දාන්නේ හිස් බදුන් මිස පිරුණු භාජන නොවේ. සරලවම කීවොත් කාසි සද්ද දැම්මට නෝට්ටු සද්ද කරන්නේ නෑනේ. වචන වල ශබ්ධයට විශාල ශක්තියක් තියනවා. එනිසා ඔබේ කටින් මේ විශ්වයට මුදාහරින හැම වචනයක්ම ධනාත්මක යහපත් දෙයක්ම වන තරමට ඔබට පෙරලා විශ්වයෙන් ධනාත්මක ශක්තියම ලැබේවී එතකොට අපිට අවශ්‍ය තැනට යන්නට අවශ්‍ය හැමදේම සොබාදහමෙන් ලැබේවී.” කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *