‘කාටවත් අදාළ නෑ මම පෙම්වතියක්ද නැද්ද කියන එක’ මලක්වගේ හැඩකාර රුක්ශානා කියන කතාව

රුක්ෂානා දිසානායක කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. සම්බන්ධ වෙන්න ටෙලිනාට්‍යයට උපරිම සාධාරණත්වය ඉෂ්ට කරන්න රුක්ෂානා දන්නවා. පහුගිය කාලේ තුළ ප්‍රි ෂුට් එකක් නිසා රුක්ෂානා සෑහෙන දුරක් ගියා නේද, ”ඔව් මගෙයි ඉමාෂාන්ගෙයි ෆොටෝ ෂුට් එකක් සෑහෙන දුරක් ගියා. ඒකයි මට කතා කරලා ඇහුවා අපි දෙන්නා මැරි කරන්න යනවද කියලා. සමහරු වෙඩින් එකට ස්පොන්සර් කරන්නත් කතා කරා. මට වගේම ඉමෂාන්ටත් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. බැරිම තැන අපි දැන් රට සුභපතපු ෆොටෝ වලට අපි දෙන්න ස්තුති කරා. මැරි කරාද කියලා අහද්දී ඔව් කියලා කියන්නත් සිද්ධ වුණා. මගේ උපන් දින සුභ පැතුම් වලට වඩා වැඩි සුබපැතුම් ප්‍රමාණයක් මට මේ ෆොටෝ ෂූට් එකට ලැබුණා.”

ඔබ ඇත්තටම පෙම්වතියක්ද, ”මම හිතනවා මම පෙම්වතියක් ද කියන එක පසු කාලයේදී කිව්වොත් හොඳයි කියලා. මොකද මම ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉන්න ඕනි මොන දේ කරන්නත්. මගේ ස්ථාවරත්වයක් හදාගෙන තමයි මම විවාහය ගැන වුණත් හිතන්නේ. අනික කාටවත් අදාළ නෑ මම පෙම්වතියක්ද නැද්ද කියන එක, මොකද ඒක මගේ පුද්ගලික කාරණයක්”

ඔබ තවම රංගනය තුළ ඔබේ ස්ථාවරත්වය නිර්මාණය කරගෙන නැහැ නේද, ඇත්තටම අද කාලේ ස්ථාවරත්වයක් හදාගන්න අමාරුයි රංගන ජීවිතය තුළ. පරණ අය එක්ක අලුත් අය එක්ක තරඟයක් දීලා තමයි අපිට අපේ තැන හදාගන්න වෙන්නේ. මම තවම හැමදේම ඉගෙන ගන්න කෙනෙක්. අත්දැකීම් ලබාගෙන තමයි මම ස්ථාවරත්වයක් නිර්මාණය කර ගන්නේ. මම කැමති සම්භාව්‍ය චරිත කරන්න. මට තවම ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. ඉදිරියේදී මම ඒවගේ චරිත රඟපාන බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් මගේ ස්ථාවරත්වය හදාගන්නත් බලාගෙන ඉන්නවා.

ඔබ රංගන ජීවිතයේ ආව දුර ගැන සතුටු වෙනවද, ”මම තවම ප්‍රධාන චරිත රඟපාලා තියෙන්නේ එකයි. ප්‍රක්ෂකයෝ මාව අදුර ගත්තේ ප්‍රධාන චරිත වලින් නෙවෙයි. මම ගොඩක් කලේ උප චරිත. ඒ උප චරිත වලින් තමයි ගොඩක් අය මාව අඳුරගත්තේ. මම සේරම ටෙලි නාට්‍යය 53 වගේ රඟපාලා තියෙනවා. මම රඟපාන ඕනෙම චරිතයත් ඕනෙම චරිතයත් පිළිබඳව මමත් තෘප්තිමත් වෙනවා. ලස්සන තිබ්බට ආසාව තිබ්බට හැකියාව තිබ්බට මේ ක්ෂේත්‍රයට එන්න ලේසි නැහැ, මේ හැමදේම කැටිවුණ වාසනාවක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. එහෙම හිතනකොට මම අනිවාර්යෙන්ම දන්නවා මම වාසනාවන්තයි කියලා.”

ඉදිරි සැලසුම් ගැන කතා කළොත්, ”ඉදිරියේදී නර්තන වැඩ වගේම නර්තන පන්තියටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. රංගන කටයුතුත් කරගෙන යනවා. අද මගේ ජීවිතයේ පළමු තැන රංගනයට. ලැබෙන හොඳ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා මගේ හැකියාවන් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *