ක්‍රිකට් ප්ලේකරේ නැත්නම් මම අනිවාර්යෙන් හමුදාවට යනවා – ජනප්‍රිය ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්

අම්බලන්ගොඩ කියන්නේ එදා ඉඳන්ම ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රිකට් තරු බොහොමයක් දායාද කල ප්‍රදේශයක්. ඉතින් ඒ වගේ මෑත කාලයේ අම්බලන්ගොඩින් ක්‍රිකට් ක්‍රීඩාවට එකතුවුන අලුත්ම තරුව තමයි රමේෂ් මෙන්ඩිස් කියන්නේ, වත්මන් ක්‍රිකට් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් රමේෂ් මෙන්ඩිස් කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ රමේෂ් සමග, රමේෂ් ඔබට යාළුවො කතා කරන්නේ රමේෂ් කියලා නෙවෙයි නේද ”ඔව්, ටීම් එකේ යාළුවො කතා කරන්නේ රාමා කියලා, ඒ වගේම ලඟින් ආශ්‍රය කරන යාළුවො කතා කරන්නෙත් එහෙම තමයි”

රමේෂ් කියන්නේ දැන් හැමෝම ආදරේ කරන ක්‍රීඩකයෙක්, රමේෂ් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනේ නැත්නම් කවුරු වේවිද ? ”එහෙනම් මම අනිවාර්යෙන්ම යුධ හමුදා සේවයට යාවි මොකද මම යුධ හමුදා සේවයට ගොඩක්ම ආසයි, මගේ බාප්පා විශ්‍රාමික මේජර් කෙනෙක් පොඩිකාලේ මම බාප්පා මාව කෑම්ප් එකට එහෙම එක්කගෙන යනවා. ඉතින් ඒවා දැක්කම මට හමුදාව ගැන ලොකු ආසාවක් ඇතිවුනා, ක්‍රිකට්වලට සම්බන්ද වුනේ නැත්නම් මම අනිවාරෙන්ම හමුදා සේවයේ නියැලෙනවා”

රමේෂ්ගේ තාත්තා ලංකාව නියෝජනය කරපු ක්‍රීඩකයෙක් නේද ? ” ඔව් මගේ තාත්තාගේ නම ප්‍රසන්න මෙන්ඩිස්. තාත්තා ජාතික පිහිනුම් ශූරයෙක් ඔහු 1987-89 සාෆ් ක්‍රීඩා උළෙල නියෝජනය කළා. තාමත් මගේ තාත්තගේ වාර්තා බිඳ හෙලලා නෑ. දැන් තාත්තා සේවය කරන්නේ ශ්‍රී ලංකා පොලිස්සියේ, උප පොලිස් පරීක්ෂකවරයෙක්.”

තාත්තා පිහිනුම් ශූරයෙක් නිසා ඔබට පිහිනුම් අංශයේ ක්‍රීඩා කරන්න හිතුනේ නැද්ද ? ”මම මුලින්ම ක්‍රීඩා කලේ බැඩ්මින්ටන් 14න් පහල හොඳටම කළා. ජුනියර් අංශයෙන් අර්ධ අවසන් දක්වා ක්‍රීඩා කළා, ඉන්පසුව තමයි මම ක්‍රිකට් තෝරාගත්තේ, කොහොමත් මම ක්‍රිකට් වලට ගොඩක් ආසයි පොඩිකාලේ බෝලෙයි බැට් එකයි අතේමයි.”

Related Posts