කහ කිරිල්ලියක් වගේ හැඩ වුන යෝකර් කින් මාලිගේ සුරූපී බිරිඳ

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුනාට ලංකාවේ වැඩිම පිරිසක් ආදරය කරන ක්‍රීඩාව තමයි ක්‍රිකට් කියන්නේ, ඉතින් ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා. ඒ තමයි ලෝකයක් ආදරේ කරන යෝකර් කින් අපේ ලසිත් මාලිංග. තමන්ටම ආවේනික රුවක් පවත්වාගෙනයන වගේම අවේනික ක්‍රමයකින් ක්‍රීඩා කරන අති දක්ෂ ක්‍රීඩකයෙක්. ලසිත් මාලිංග ගේ සම්පුර්නම් නම සෙපරමාදු ලසිත් මාලිංග, ඒ වගේම මේවනවිට මාලිංග 38වන වියෙහි පසුවෙනවා.

මාලිංග කියන්නේ රත්ගම ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක හැදී වැඩුන තරුණයෙක්. මාලිංග අධ්‍යාපනය හදාරන්නේ විද්‍යාලෝක සහ මහින්ද යන පාසල්වලින්, එහිදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකක් වන චම්පක රාමනායක විසින් ඔහුගේ දක්ෂතා හඳුනාගන්නාගෙන මාලිංගට ලංකා ක්‍රිකට් පදනමට සහභාගී වන ලෙස ආරාධනා කරලා තිබ්බා. ඒ වගේම තමයි මාලිංගගේ හැකියාවන් වර්ධනය කරගන්න උදවු කරලා තියෙන්නෙත් චම්පක රාමනායක විසින්.”

දකුණත් වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන මාලිංග විවාහ වෙන්නේ ටාන්‍යා පෙරේරා සමග ටාන්‍යා පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න චරිතයකගේ දියණියක්. ඒ වගේම තමයි ටාන්‍යා සහ මාලිංග ගේ ආදර සම්බන්දය පටන් අරගෙන තියෙන්නේ දැන්වීම් රූගත කිරීමක් නිසා කියලයි අපට දැනගන්න ලැබුනේ. එම අවස්ථාවේ event manager විදියට කරයුතු කරලා තියෙන්නේ ටාන්‍යා පෙරේරා. මේ දෙදෙනා මුණගැසුන පලවෙනි මොහෙතේම දෙන්නට දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන කියලා අපිට ආරංචි වුනා.

මාලිංග මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු අරගෙන ඉන්නේ හැබැයි මාලිංග ගැන අදටත් බොහෝ දෙනා කතා වෙනවා. ඒ වගේම පසුගිය දවස්වල මාලිංගගේ ආදරණීය බිරිඳ වන ටාන්‍යා පෙරේරා ගැනත් හැමෝම කතා වෙන්න පටන් අරගෙන ඒකට හේතුව තමයි ඇයගේ අලුත් පෙනුම. ටාන්‍යා ළඟදී අලුත් කොන්ඩ විලාසිතාවක් කරලා. ඇත්තටම ඒ විලාසිතාව ඇයට ගොඩක් සුන්දරයි. ඉතින් මාලිංගගේ රසික රසිකාවියන් ගොඩක් ඇයගේ මේ සුන්දර පෙනුම වර්ණනා කරලා තිබ්බා කියලා අපිට දැකගන්න ලැබුනා.

Related Posts

Leave a Reply

Your email address will not be published.