Sat. May 21st, 2022

ඇයට සිනමාව පුංචි තිරය ආධුනික තැනක් නොවේ. නමින් ඇය සේමිණි ඉද්දමල්ගොඩ. පහුගිය දිනවල ඇයව නිරන්තරයෙන් පුංචි තිරය තුළ දැකගත හැකි වුවත් මේ දිනවල ඇයව පුංචි තිරය තුළ දකින්න නොලැබෙන චරිතයක් වී හමාරයි. සේමිනි විවාහ වී සිටින්නේ පොලිස් නිලධාරියකු සමග. ඇයට දියණියක ද සිටිනවා. ඇයව නිරන්තරයෙන් දැකිය නොහැකි වුවත් රසිකයින්ට ඇය අමතක නම් වෙන්නේ නෑ.

අද නිළියන්ට ලැබෙන සම්මාන එදා ඔබට ලැබුණේ නැහැ නේද, ඇත්තටම මට අද නවක රංගන ශිල්පීන් ගැන තියෙන්නේ දුකක්. එයාලට සම්මාන දීලා එයාලගේ ගමන එක තැන නතර කරනවා. සම්මානයක් ගත්තහම සමහරු දකින්නත් නැහැ ආයේ. මම හිතන්නේ මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්න නම් අත්දැකීම් වගේම දැනුමත් අවශ්‍ය වෙනවා. දිගු කාලයක් මේ ක්ෂේත්‍රයේ හරි විදියට හිටියොත් නිසි ඇගැයීමක් ලැබෙන්න ඕනෑ.

ඔබ නැවත නිර්මාණ තුළින් දකින්න ලැබෙන්නේ නැද්ද, ඇත්තටම ටෙලිනාට්‍ය වලට නැඹුරුවක් දැන් මටනැහැ. මම කැමතියි මගේ පවුල් ජීවිතය සාර්ථක කරගන්න. පවුල් ජීවිතය විසිරිලා ගිහින් හොඳම නිළිය සම්මානය ලැබුණත් වැඩක් නැහැ.

ඔබේ දියණිය ගැනත් මතක් කළොත්, මේ මෑතකදි මගේ දියණියගෙ විසිඑක් වන උපන් දිනය සැමරුවා. මගේ දුව හරිම බුද්ධිමත්. ගොඩක් වෙලාවට එයාගේ උසස් අධ්‍යාපන කටයුතු වලට එයා විදෙස් ගත වේවි. සමහර වෙලාවට එයත් එක්කම අපිත් රට යාවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *