Tue. May 17th, 2022

ප්‍රවීණ ගායන ශිල්පි සමිතා මුදුන්කොටුව සහ ප්‍රවීණ ගායන ශිල්පී අතුල අධිකාරිය ගේ එකම දියණිය කාවින්දයා අධිකාරි. මාපියන්ගේ ගායන හැකියාව ඇයට උපතින්ම ලැබුණු බවට සැකයක් නැත. කාවින්ද්‍යා කියන්නේ මේ වන විට ගායන ශිල්පිනියක් මෙන්න නිවේදන ශිල්පිනියන් ද රංගන ශිල්පිනියක්ද වෙනවා. විවිධ කාල වල දී විවිධ කටකතා ඇය නමින් ප්‍රතිචාරය වෙනවා. කෙසේ වෙතත් ජීවිතය පතුලටම වැටී සිටි ඇය තනියම තම මව සමග ජීවිතයට මුහුණ දෙන්නේ සියලු චෝදනා වලට නිහඬව උත්තර දෙමින්.

කෙසේවෙතත් කාවින්ද්‍යාගේ එක්තරා කාලයකදී තිබූ ප්‍රේම කතාවක් බොහෝ සේ ජනප්‍රිය වුණා. නමුත් එම ප්‍රේමය වැඩි කලක් පැවතුණේ නැහැ. එහි සෑම අවස්ථාවන් ප්‍රකාශ කර සිටියේ නැවත ආදරයක් ගැන නොසිතන බවත් කිසිම දිනෙක විවාහ නොවන බවත්ය. එහෙත් ඒ සියලු දේ රසිකයන් තුළ සැකයක් මතු කරමින් ඇගේ instragram ගිනුම තුළ ආදරනිය ඡායාරූපයක් එකතු කර තිබුනා. ඒ ඡායාරූපය බොහෝදෙනාට ඇතිකළේ ප්‍රශ්නාර්ථයක්. මේ ඡායාරූපයට අපූරු සටහනක් ඇය එකතු කර තිබුණා.

ඒ ලෝකයට එරෙහිව අපි යනුවෙන්.නමුත් මේ ඡායාරූපයේ සිටින්නේ කවුද යන්න තවම හෙළි වී නැහැ. නමුත් කලා ලෝකයේ බොහෝ දෙනෙක් ඇයට සුභ පැතුම් එක් කර තිබුණා. බොහෝ දෙනෙක් විවිධ දේ ප්‍රකාශ කර තිබුණා. බොහෝවිට අද හෝ හෙට මේ නන්නාදුනන පුද්ගලයා ගැන දැනගන්න ලැබේවි යන විශ්වාසය බොහෝ රසිකයින් තුළ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *