Tue. May 17th, 2022

කාලයක් කළා ලෝකයේ ඉහලම ජනප්‍රියත්වයක් ලබාගෙන ඉඳලා පසුව කලාවෙන් සමුගත් රංගන ශිලිනියක් තමයි අයෝමි ශානිකා කියන්නේ. හැමෝම ඇය හඳුනන්නේ ජීවිතය ලස්සනයි ටෙලි නාට්‍යයේ ‘සුදු නංගි’ විදියට. නිවේදිකාවක් රංගන ශිල්පිනියක්ලෙස කළා ලෝකයේ කටයුතු කලත් මේ වනවිට ඇය ආයුර්වේද වෛද්‍යවරියක් ලෙසත් සේවය කරනවා. ඒ වගේම මේ වනට ඇය පුද්ගලික් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. ඉතින් අපි හිතුවා අයෝමි එක්ක ටිකක් කතා කරන්න

අයෝමි මොකද කරන්නේ මේ දවස්වල ”කියන්න තරම් විශේෂයක් නෑ. මම ආයුර්වේද වෛද්‍යවරියක් ඉතින් වෛද්‍යවරියක් විදිහට රජයේ සහ මගේ ගෙදර වැඩ කටයුතු කරනවා. මම ගොඩක්ම ප්‍රතිකාර කරන්නේ මඳසරු භාවයට, ඒ විතරක් නෙවෙයි මම ආයුර්වේද පැත්තෙන් රුපලාවණ්‍ය දේවල් චර්ම රෝග, ස්ථුලභාවය, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් සහ ශ්වසන රෝග සම්බන්ධව ප්‍රතිකාර කරනවා.”

ජනප්‍රියව ඉඳලා එකපාරම කලාවෙන් ඈත්වුනේ ඇයි ” මම කලාවෙන් ඈත්වෙන්න ප්‍රධානම හේතුව වුනේ දරුවන් වෙනුවෙන් කාලය යොදවන්න ඕන වුනා. මගේ පදිංචිය නුවර මට නිතරම කොළඹ යන්න අපහසුයි ඒ එක්කම මම 2018 ඉඳන් රාජ්‍ය සේවයට එකතු වුනා. ඉතින් නිවාඩු ප්‍රශ්නයක් තියෙනවා. මේ සේරම නිසා මම කලාවන් පොඩ්ඩක් ඈත් වුනා. ඇත්තටම ඒ දේවල් නිසා මට ගොඩක් හොඳ කළා නිර්මාණ මගහැරුනා. කොහොම වෙතත් ගත්ත විරාමය ගැන කවදාවත් පසු තැවෙන්නේ නැහැ. මොකද දරුවන්ට අම්මාගේ ආදරය සෙනහස රැකවරණය ඕනෙම කාලේ මට ඒ අයගෙන් ඈත් වෙන්න හිතුණෙම නැහැ, ඉතින් කලාවෙන් දුරස් උනාට මට දුකක් නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *