Tue. May 17th, 2022

සවි අල්විස් කියන්නේ සංගීතයෙන් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් දැන් නළුවෙක් විදියට රසිකයින්ගේ ආදරේ ලබන චරිතයක්. මේ දිනවල සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වෙන හිතලග හිනහුන දා ටෙලි නාට්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයක් වෙන්න සවි ට පුළුවන් වෙනවා. ඒ වඩ්වේල් කියන චරිතයට පණ පොවලා. ඔබ ඉගෙන ගත්තේ කලාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ද, මට කවදාවත් මගේ අම්මා ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න කියලා කිව්වේ නැහැ. කලාවට සම්බන්ධ වෙන්න මට උදව් කළේ මගේ අම්මා. මේ ගමන එන්න මාව දිරිමත් කළේ මගේ අම්මා. හැබැයි අම්මා කවදාවත් කිව්වේ නෑ හැමදාම මාව ටි.වි එකෙන් දකින්න ඕනේ කියලා. ඒ නිසා ගිහින් රඟපාලා එන්න කිවා. මම කලාවට එන්නේ සෞන්දර්ය කැම්පස් එකේ කලාව ගැන ඉගෙන ගනිමින්. මේ හැමදේටම මගේ ලග හිටියේ මගේ අම්මයි අක්කයි.

වඩ්වෙල් කියන්නේ ඔබේ පළවෙන්නේ රංගන චරිතය. ඒ චරිතය දමිල චරිතයක්. ඉතින් කොහොමද මේ චරිතය හොඳට කළේ ඔබ, මම රඟපාන පළවෙනි චරිතය තමයි මේක. මගේ රංගනය ආරම්භ වෙන්නේ පාසල් වේදිකාවෙන්. නළුවෙක් විදිහට මට වටිනාකම තියෙන සහතිකයක්ද පාසලෙන් ලැබුණා. මේ හැම දේකින්ම මම දෙයක් ඉගෙන ගත්තා. කොහොමත් කලාව ගැන ඉගෙන ගන්න අතරේ කලාවට සම්බන්ධ වුණ නිසා මට හිතන තරම් අමාරු දෙයක් වුණේ නැහැ එක.

දමිල කතා කරන්න ඉගෙන ගත්තෙ කොහොමද, ඒක ඉතින් පුහුණු වීම තමයි. ආදරණීය දමිල ජනතාව ඒ භාෂාව කතා කරන විදිහ මම අධ්‍යයනය කළා. මට මේ චරිතය ලැබුනට පස්සෙ මම මගේ පාසල් ගුරුවරු යාලුවෝ සම්බන්ධ කරගෙන මේ චරිතය සාර්ථකව කරන්න බොහෝ දේ ඉගෙන ගත්තා. ඊට අමතරව තවත් දේවල් ගැන මම අධ්‍යනය කළා. හොඳ පුහුණු වීමකින් තමයි මම මේ චරිතයට ප්‍රවිෂ්ට වුණේ.

මේ වෙද්දි ඔබ ආදරවන්තයෙක් ද, මම ආදරය කරලා තියෙනවා. හැබැයි මේ වෙද්දි මට ගැළපෙන ආදරයක් ලැබිලා නෑ තවම. ඒ නිසා ම ගැළපෙන කෙනා හමු වෙනකන් ආදරේ හොයාගෙන යනවා මම.

ඔබ රඟපෑමට එන්න කලින් බොහෝදෙනෙක් ඔබව sirasa voice වැඩසටහනින් හඳුන ගන්නවා. දැන් ඔබේ ගායනයට මොකද වෙලා තියෙන්නේ, වොයිස් වැඩසටහනින් ගොඩක් අය මාව අඳුරගත්තේ පාන් කිරිත්තා සින්දුවෙන්. කොහොමත් මගේ බලාපොරොත්තුව තිබුණේ ගායනා කරමින් රංගනයට එන්න. ඒ නිසාම වොයිස් වැඩසටහනට මම ආවා. මම වොයිස් වැඩසටහනින් අවසන් වටය දක්වා නොගියත් මට වෙනම ගමනක් එන්න ඒකෙන් මාර්ගය හැදුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *