Tue. May 17th, 2022

භාග්‍යා ගුණසිංහ කියන්නේ කාලයක් පුංචි තිරය තුළ බොහෝ දෙනකුගේ ආදරේ දිනාගත්ත දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. විවාහ ජීවිතයට එළඹීමටත් පෙර ඇය ටිකෙන් ටික කලාවෙන් සමුගත්තේ පවුල් ජීවිතයට මුල් තැන දිමට ඉතින් අපි ඒ ගැන ඇගෙන්ම අහන්න හිතුවා. ඔව් මම මේ වෙද්දි වෙලා ඉවරයි. මම කලාවෙන් අයින් වුණේ විවාහ වෙන්නත් පෙර ඉඳලා. කොහොම වුණත් මාව දැන් රංගනයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මම ගෘහ ජීවිතයට මුල් තැන දීලා තමයි තියෙන්නේ.

කොහොමද පවුල් ජීවිතයේ, මේ වෙද්දි මම දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවක්. ඉතින් දරුවෝ දෙන්නයි ගෙදර වැඩ එක්කයි මගේ කාලය ගෙවිලා යනවා. ගෙදර වැඩ සේරම වගේ කරන්නෙ මම තමයි. මගේ සැමියා කතරගම කපුමහත්තයෙක්. එයත් ගොඩක් කාර්යබහුල කෙනෙක්. කොහොම වුණත් ඉක්මනින් කසාද බැඳලා දරු සුරතල් බලන නිසාම මට හිතුනා මේ ජීවිතේ හොඳයි කියලා.

කලාවෙන් සමු ගත්තත් ඔබ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියන්නේ ඇත්තද, ඔව් ගෙදර වැඩ කරන අතරේ විවේකයක් ලැබෙනවා. ඉතින් මේ අතරේ මගේ නංගිත් එක්ක එකතු වෙලා ඇඳුම් නිර්මාණ කරනවා. අපි online order පවා බාරගන්නවා.

මහත්තයා කපු මහතෙක් නිසාම ඔබ කෑම ගැන සැලකිලිමත් වෙනවාද, ඔව් අපි දේවාලෙට යද්දි නිර්මාංශව තමයි යන්නේ. මස් මාළු කන්නේ නැහැ. හැබැයි අනිත් දවස් වලට විශේෂයක් නැහැ. කොහොම වුණත් විවාහ වුණාට පස්සේ මගේ බර කිලෝ 80 කින් වගේ වැඩි වුණා. මේ නිසා මම ඇඟ හදාගන්න උත්සාහ කරද්දි ද කෑම ගැන සැලකිලිමත් වෙනවා.

අවසන් වට ඇය කියා සිටියේ කෙසේ වෙතත් නැවත කලාවට ඒමට බලාපොරොත්තුවක් නැති බවයි. ඇය දරුවන්ට මුල්තැනදී කටයුතු කරන නිසාම ඔවුන්ගේ කටයුතු කරමින් ජීවිතයේ ඉදිරිය ගත කරන බවද පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *