ඔබත් මමත් හැමෝම හොඳින් හඳුනන රංගන ශිලිනියක් තමයි පබසරා කියන්නේ. ටෙලිනාට්‍ය හරහා ගොඩක්ම ජනප්‍රිය වුන ඇය ලංකාවේ ටෙලිනාට්‍ය කලාවට නැතුවම බැරි චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන් ඉතින් අපි අද කතා කරන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පබසරා සමග. පබසරා ඔබ රංගන ක්ෂේත්රයේ ජනප්‍රිය චරිතයක් හැබැයි ඔබ නොහිතපු වෙලාවක මේ ක්ෂේත්රයෙන් ප්‍රතිෂේප උනොත් මොකද කරන්නේ ”එහෙම උනොත් මම බොහෝ වෙලාවට විදෙස් ගතවේවි කොහොමත් මම ලංකාවට වඩා පිටරට ඉන්න කෙනෙක්. හැම අවුරුද්දෙම මම රට යනවා. කොරියාවට තමයි මම ගොඩක්ම යන්නේ. මාව කලා ක්ෂේත්රයෙන් ප්‍රතික්ෂේප වුණොත් බොහෝ වෙලාවට මම නොකියා ගිහින් එහේ පදිංචි වේවි.”
ඔබ ජනප්‍රිය නිසා දේශපාලනය එන්න ආරාධනාවක් ලැබුනොත් මොකද කරන්නේ ”කීයටවත් මම දේශපාලනේට එන්නේ නෑ, රැකියාවක් නැතිව කන්න බොන්න නැතුව හිටියත් මම කවදාවත් දේශපාලනේට එන්නේ නෑ. මොකද ලංකාවේ දේශපාලනේ කියන්නේ තනිකරම කුණුගොඩක් දැන් ඉන්න අය දේශපාලනේ රැකියාවක් කරගෙන තියෙන්නේ, මම ආස නෑ ඒ කුනුගොඩට එන්න ඒ නිසා මම කවදාවත් දේශපාලනේට එන්නේ නෑ”
අද පවතින තත්වය එක්ක ගොඩක් නළු නිලියන් වගේම තරුණ තරුණියන් විදෙස්ගතවෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් පබසරා ඔබටත් හොඳ වැටුපක් සහ රැකියාවක් එක්ක වෙන රටක යන්න අවස්තාවක් ලැබුනොත් මොකද කරන්නේ ”එහෙනම් මම අනිවාර්යෙන්ම රට දාලා යනවා, මේ වගේ රටක ඉන්නවට වඩා හොඳයි වෙන රටකට යන එක මොකද මේ වගේ රටක ඉඳන් දුක් විඳින්න මම කැමති නෑ”