Tue. May 17th, 2022

කළා ලෝකයේ ඉන්නේ හමෙගේම ආදරේ දිනාගන්න සමත්වුණා රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ, ඉතින් අද අපේ කතාබහට එකතු උනේ සංජානා, කොහොමද සංජානා බිසීද මේ වදවස්වල ”වරදක් නෑ හොඳින් සනීපෙන් ඉන්නවා, එහෙමමටම බිසී නෑ තිරගතවෙන නාට්‍යවල ෂූටින් වලට යනවා, ඊටපස්සේ අලුත් නිර්මාණ කිහිපයක පිටපත් ටිකක් කියවලා බැලුවා, තව මියුසික් විෂුවල් ටිකකට ආරාධනා ලබුනනා ඒ ගැනනම් තාම හිතුවේ නෑ බලන්න ඕන”

නිලියක් වීම පිලිබඳ මොකද හිතෙන්නේ, ”ඇත්තටම ගොඩක් සතුටුයි, මොකද ගොඩක් කාලෙක ඉඳන් මම දැකපු හීනයක් තමයි නිලියක් වෙන එක. දැන් රංගනය කියන්නේ මගේ මුළු ජීවිතයම වෙලා, ඒ හීනේ හැබෑවුන එක ගැන මට ගොඩක්ම සතුටුයි, මම කොහොමත් දඟකාර කටකාර චරිතයක්, ඉතින් මම රඟපෑමටත් ඒ දන්ගකාරකම යොදාගන්නවා,”

ජනප්‍රිය රංගන ශිල්පිනියන්ට ගොසිප් හැදෙනවා නේද ”ඒක සාමාන්‍ය දෙයක් මමනම් ගොසිප් වලට කැමතියි, සමහර අය ගොසිප් වලට බයයි හැබැයි මම දකින්නේ ඒක වෙනස්ම විදියකට හොඳ විදිහේ ගොසිප් වදිනවාට මම කැමැතියි. අනිත් කාරණය තමයි ගොසිප් වදින්න වදින්න මිනිස්සු අතරට යන ප‍්‍රමාණය වැඩි වෙනවා. ඇත්තම කියනවනම් ගොසිප් කියන දේ දැන් නම් මට ලොකු දෙයක් නෙවෙයි”

සංජානා ජනප‍්‍රිය නළුවක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා කතාවක් පැතිරෙනවා ඇත්තද ඒක ”ඒ කතාව සම්පූර්ණ බොරුවක් අපි නාට්‍යක ෂූටින් ගියාම ඒ දෙන්නා අල්ලලා ගොසිප් හදනවා, මේ දෙන්නා තමයි යාලු, මේ දෙන්නා කසාද බඳින්න ඉන්නේ කියලා ඊට අමතරව තව තව කතා හදනවා කටක් ඇරලා කියන්න බැරි කතා හදනවා. මම නළුවෙක් එක්ක අනවශ්‍ය සම්බන්දකමක් පවත්වන්නේ නෑ ඒ දේවල් විශ්වාස කරන්න එපා කියලයි මම කියන්නේ, මගේ මතය අනුව නම් රංගන ක්‍ෂේත‍්‍රයේ කිසි කෙනෙක් මම විවාහ කරගන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *