‘ඕනෑම මිනිහෙක් කැමතියි බැඳපු ගෑනි හැඩට ඉන්නවට’ අප්සරා කියන කතාව

අප්සරා මැණික් සිරස ටිවි හිත අද්දරර බලන අයනම් නොදන්න කෙනෙක් නැති තරම්. හැඩකාර තරුණ දක්ෂ ඇය සමඟයි අද අපි ලස්සන විමේ රහස් ගැන කතා කරන්න හිතුවේ. නිවේදිකාවක් විදිහට දක්ෂ ඇය බොහෝම නිහතමානි කෙනෙක්. ලස්සන විම ගැන තව කෙනෙකුට කරුණු කියා දිමට ඇය දක්ෂ කෙනෙක්.ඇය පවසන්නේ ඇය වගේම අනිත් කාන්තාවන් වුවත් ලස්සනට සිටිය යුතු බවයි.

කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් වෙනවද? “ඔව් ලස්සන කියන දේ කාන්තාවකට ඇත්තටම වැදගත් දෙයක්. මම පෞද්ගලික හිතන්නේ ලස්සන කියන්නේ ආභරණයක් කියලා. උපතින් ලැබුන සුන්දරත්වය සෑම කාන්තාවකටම අයිති දෙයක්. ඒ සුන්දරත්වය පවත්වා ගැනිමයි කාන්තාවක් කළ යුතු වන්නේ. ඒකට විශාල මුදලක් අවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ පිළිවෙල හා පිරිසිදුකමයි. අනික අව්‍යාජ⁣ ලෙස අනිත් අය හා සිනාවිමයි. ඒ හිනාව තුළින් අපි නොදැනුවත්වම අපේ ලේ පිරිසිදු වෙනවා. මම හිතන්නේ ලස්සන කියන දේ බාහිර අභ්‍යන්තර දෙයාකාරයෙන්ම තියෙන්න ඕනි.”

ලස්සනට ඉන්න ඔබ මොනාද කරන්නේ, “අංක එකටම මම කරන්නේ වතුර බොන එක. මම කොච්චර වතුරබොනවද කිවොත් ඔෆිස් එකේ අය මට කියන්නේ ජලනි කියලා ඒ තරමට මම වතුර බොනවා. ආයේ මම හරි ආසයි තැඹ්ලි වතුර බොන්න. කෑම බිම වලින්නම් මම ලොකුවට පරිස්සම් වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි පොඩ්ඩක් මහත් වෙද්දි මම ඩයට් කරනවා.”

සිතුවිලි වලින් ලස්සන වෙන්න අප්සරා මොනවද කරන්නේ, “හදවතින් ලස්සන වෙන්න අපි මුලින් අපිට ආදරේ කරන්න ඕනි. තව කෙනෙක්ට ඊර්ෂ්‍යාව ක්‍රෝධය කරන එක නතර කරන්න ඕනි. තව කෙනෙක් ජිවිතේ දිනනවා දැකලා අවංක හදවතින් අපි සතුටු වෙන්න ඕනි. නිහතමානිව ජිවත් වෙන්න පුළුවන් වුනොත් අපේ සිතුවිලි ලස්සන වෙනවා.”

ඔබ දකින ඔබ හිතන විදිහට විවාහයෙන් පස්සේ කාන්තාවක් සුන්දරව සිටිය යුතුද? “ඔව් අනිවාර්යයෙන්. සැමියෙක් කෑ ගහලා නොකිවාට එයාලා ආසයි තමන්ගේ බිරිඳ ලස්සනට ඉන්නවා බලන්න. මගේ වාසනාවට මට වඩා මගේ ලස්සන ගැන හිතන ස්වාමියෙක් මට ලැබිලා තියෙනවා. ඔහු මට සුන්දරව ඉන්න අවශ්‍ය හැමදේම අරන් දෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *