ඔවුන් කවුරු වත් මාව හදුනාගත්තේ නෑ – ජනප්‍රිය නළු ජයසේකර අපෝන්සු දුකෙන් කියපු කතාව

කළා ලෝකයේ ඉන්න දක්ෂ වගේම චරිතාංග රංගන ශිල්පියෙක් තමයි ජයසේකර අපෝන්සු කියන්නේ, 1951 වසරේ පෙබරවාරි 23වන දින උපන් ජයසේකර අපෝන්සු මේ වනවිට 71වන වියෙහි පසුවෙනවා, ජයසේකර අපෝන්සු කියන නම කළා ක්‍ෂේත්‍රයේ බාවිතා කලත් ඔහුගේ සැබෑ නම ගෝනිය මලිමගේ ජයසේකර අපෝන්සුයි, ජයසේකර අපෝන්සු වර්තමානය වනවිට නාට්‍යකරුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක්, විකට නළුවෙක්, පිටපත් රචකයෙක් කළා ලෝකයේ සේවයේ නියැලෙනවා.

1978 වසරේදී ජයන්ති අපොන්සු සමඟ විවාහ වන ජයසේකර අපොන්සුට ඔහුගේ බිරිඳ මුණගැහෙන්නේ 1970 වසරේදී දශකයේදී, ඒ ජයසේකර අපොන්සු විසින් ගල්කිස්ස පැවැත්වූ නාට්‍ය පාසලකදීය. කොහොම වුනත් මුදල් සම්බන්ද ගැටළු කිහිපයක් වගේම පුද්ගලික හේතු කිහිපයක් හේතුවෙන් 2018 වසරේදී මොවුන් දෙදෙනා දික්කසාද වෙනවා. ඒ වගේම ජයසේකර අපොන්සු එම වසරේදීම සුජාතා ප්‍රියදර්ශනී සමග විවාහ වෙනවා. පළමු විවාහයෙන් ජයසේකර අපොන්සුට තමිර අපෝන්සු නම් එක් පුතෙක් සිටිනවා.

කොහොම වුනත් කළා ලෝකය හරහා කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ජයසේකර අපෝන්සු පසුගිය දවසක අපූරු සටහනක් ඔහුගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා ඒ තමයි ”ඊයේ එක්තරා තැනකට මංගියා එතන තරුණ තරුණියෝ ගොඩාක් හිටියා මම තොප්පියක් දාලා මාස්ක් එක දාලා හිටපු හින්දා ඔවුන් කවුරු වත් මාව හදුනාගත්තේ නෑ මට ඔවුන් හැමෝම ජංගම දුරකතන වලට එබීගෙන හිටියේ සමහරු ගේම් වල මහා යුද්ධයක් සමහරු දේශපාලන ගොසිප්. සමහරු ටික් ටුක්. සමහරු පොඩි ජෝක් කෑලි බලනවා මට යාබදව දෙන්නෙක් චිත්‍රපටයක් බලනවා බටහිර බෙන්හර් මට ආවා මාර දුකක් බටහිර සිනමාවට ටෙලිව්ෂන් එක අභියෝගයක් වෙද්දී ඔව්න් හැදුවා” කියලා, ඉතින් මේ සටහන ගැන ඔබගේ අදහස කුමක්ද?

Related Posts

Leave a Reply

Your email address will not be published.