Sat. May 21st, 2022

කළා ලෝකයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගත්ත සුන්දර රංගන ශිල්පිනියක් තමයි මාෂි සිරිවර්ධන කියන්නේ. ජනප්‍රිය නළුවෙකු වන පුබුදු චතුරංග සමග විවාහ වුන ඇය මේ වනවිට පුබුදු සමග ආදරණීය ජීවිතයක් ගතකරනවා. ඒ වගේම පුබුදු සමග ගෙවන ජීවිතේ ගැන මාෂි කියන්නේ මේ වගේ කතාවක් ”ඒ ජීවිතේ ඇත්තටම හරිම සුන්දරයි. අපි ගොඩක් සරලව ජීවත් වෙන අය. ඇත්තම කියනවනම් අපි දෙන්නගේ බැඳීම වැඩිවුණේ කසාද බැන්දට පස්සේ. මොකද විවාහයෙන් පස්සේ තමයි අපේ අදහස් හරියටම හුවමාරු වුනේ”

මේ වනවිට ඔයාලා දෙන්න විවාහ වෙලා සැලකියයුතු කාලයක් වෙනවා ළඟදී දෙන්නා තුන්දෙනා වෙන්න අදහසක් නැද්ද? ”අම්මෝ ඕක මේ දවස්වල හැමෝම අහන ප්‍රශ්නයක්. අපි තීරණේ කරලා ඉන්නේ තව ටික කාලයක් ඉන්න. මොකද මේ තත්ත්වෙත් එක්ක ඒ දේ ගැන හිතන්න ටිකක් අමාරුයි. හැම දේම හොඳ විදියට වුනා වගේ එකත් ඉදිරියේදී හොඳ විදියට වේවි කියලා බලාපොරොත්තු වෙනවා.”

පුබුදු මාෂි ගේ විවාහ සංවත්සරය අදට යෙදී තියෙනවා ඉතින් මේ පිලිබඳ මාෂි අපුරු සටහනක් සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බා, එහි සඳහන් වෙලා තිබ්බේ ‘ඔබ නොමැති මගේ ජීවිතය කෙසේ වේවිදැයි මට හිතාගන්න බෑ. එදා තමයි මගේ ජීවිතේ ලස්සනම දවස’ කියලා,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *