අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. 1983 වසරේ උපන් සාරංගට දැන් වයස අවුරුදු 39ක් වනවා, සාරංග පළමුවරට විවාහ වෙන්නේ ජනප්‍රිය චරිතාංග රංගන ශිල්පිනියක් වන උමාලි සිරිවර්ධන සමග නමුත් එම එම විවාහය සාර්ථක වෙන්නේ නෑ ඉන්පසුව සාරංග තවත් දක්ෂ රංගන ශිල්පිනියක වන දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වෙනවා. ඒ වගේම මේ වනවිට දිනක්ෂි සහ සාරංග කියන්නේ ආදරණීය දෙමාපියන් යුවලක්.
දැන් සාරංග සහ දිනක්ෂි ඔව්න්ගේම කියලා ගෙදරකුත් හදන්න පටන් අරගෙන. ඉතින් අපි හිතුවා සාරන්ගගෙන් මේ දවස් ගෙවෙන විදිය ගැන පොඩ්ඩක් අහන්න ඉතින් සාරංග අපිට කිවුවේ මේ වගේ කතාවක්. ”විශේෂයක් නෑ පුරුදු විදියට වැඩ ටික කරගෙන යනවා. මේ වනවිට ITN නාලිකාවේ ‘හිතුවක්කාරී’ ටෙලි නාට්‍යයයේ වැඩ කරගෙන යනවා ඒ වගේම සිනමාපට කිහිපයකටම ආදාධනා ලැබුනා. ඒ ගැනත් අවධානය දීලා දිනක්ෂි අහ අපේ පුංචි දෝනි එක්ක ආදරෙන් ඉන්නවා” කියලයි.
අද සාරංගට විශේෂ දවසක් එයට හේතුව තමයි සාරංගගේ ආදරණීය බිරිඳ දිනක්ෂිගේ උපන්දිනය අද ඉතින් සාරංග ඇය වෙනුවෙන් අපුරු සටහනක් සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බා ඒ තමයි ”මගෙ කළු සුදු ලෝකෙ හිනාවෙන්ම පාට කලාට පින් මැනිකෙ. සුබ උපන්දිනයක් වේවා !” කියලා, ඉතින් හැමෝම ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනක්ෂිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.