Tue. May 17th, 2022

කළා ලෝකයේ ඉන්න ගොඩක් දක්ෂ නිවේදකයෙක් තමයි මාධව විජේසිංග කියන්නේ. ඒ වගේම රංගන ශිල්පියෙක් විදියත් මාධව ගොඩක් ජනප්‍රියයි. ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ මාධව විජේසිංග සමග, මාධව කලාවට පැමිණියේ කොහොමද ? ”මම මුලින්ම රඟපාද්දී මගේ වයස යන්නතමට අවුරුදු පහක් විතර ඇති. ඒ හඳගම මහතාගේ ‘චන්දකින්නරී’ චිත‍්‍රපටයේ ළමා චරිතයක් හරහා. ඒ රඟපෑම ඇත්තටම ලොකු භාග්‍යයක්. ඊට පස්සේ මට කමර්ෂල් වල රඟපාන්න අවස්තාවක් ලැබුනා පස්සේ ගීත විෂුවල් වලත් රඟපෑවා. උසස් පෙළ කරන කාලයේදී ටී.වී. දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහන මෙහෙය වන්න ලැබුණා”

ඔබ රඟපාපු චරිත වලින් වැඩිපුරම ජනප්‍රිය වුනේ ‘අනුහස්’ කියන චරිතය. ඉතින් ඒ චරිතය පිලිබඳ ඔබගේ තියෙන මතකයන් මොනවද ”අනුහස් කියන චරිතය ටිකක් හිතුවක්කාරයි. ඉතින් මේ හිතුවක්කාර චරිතය නිසා වෙලාවකට ගෙදරින් හොඳටම බැණුම් ඇහුවා. චූටි පුංචිගෙන් (චලනි බාලසූරිය) ගුටිත් කෑවා, මට අදටත් හොඳට මතකයි එක දර්ශනයක් වෙනුවෙන් චලනි බාලසූරිය මට කම්මුලට පහරක් එල්ල කරන්න තිබුණා. මෙය හරියටම රූගත කරන්න ඕනෑ නිසා හය වතාවක් විතර රූගත කරන්න සිදුවුණා. ෂූටිං ඉවර වෙද්දී මූන ඉදිමිලා තිබ්බේ.”

මේ වනවිට මාධව කියන්නේ රුපවාහිනියේ වගේම සමාජ ජාලවලත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් මෑතකදී ඔහු සමාජ ජාලා වලට එකතු කරලා තිබ්බ සටහනක් පිළිබඳව හැමෝගෙම අවදානය යොමුවෙලා තිබ්බා ඒ තමයි ”Hello Hasitha, ඔයත් කඩේ ගියා නේද? එද්දි සබන් කැටයක් ගේන්න.” කියලා මෙහෙම කියන්න ප්‍රධාන හේතුව තමයි පසුගිය කාලෙයේ අධික ලෙස ඉහලගිය සබන් මිල. ඉතින් මේ කතාවට හසිත දීලා තිබ්බේ මේ වගේ පිළිතුරක් ”අමුතුවෙන් යන්න දෙයක් නෑ අපි දෙන්නම හිටියේ කඩේ ඇතුලේනේ මෙයා, දැන් කඩේ සබන් ඉවරයි කියලා ඔයාගේ නම්කිලාට කිව්වට අහන්නේ නැත්නම් සබන් නැතුව හෙමින් අතුල්ලන්න” කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *