ඔබ දිනකට නිදාගතයුතු පැය ගණන කීයද කියලා දන්නවද?

මිනිසෙකුගේ කායික හා මානසික සුවය පිණිස නින්ද කියන දෙය අත්‍යවශ්‍ය වෙනවා. පුද්ගලයෙකු දිනකට පැය හයක් හෝ දහයක් අතර කාලයක් නිදාගත යුතු වෙනවා. සුවදායක නින්දකදී මතකද තැන්පත් වෙනවා. පුද්ගලයෙකුගේ සුවදායක නින්ද මිනිසෙකුට කෙසේ බලපානවා ද යන්න අද අපිත් එක්ක කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු අධිකරණ මනෝ වෛද්‍ය විද්‍යා ආයතනයේ ලේඛකාධිකාරී වෛද්‍ය ජනිත් ගල්හේනගේ

නිරෝගී පුද්ගලයකුට සුවදායි නින්දක් නොමැති වීමෙන් ඕනම පුද්ගලයෙකු රෝගාතුර වෙනවා. නින්ද සම්බන්ධ ස්වසන අපහසුතා ද ඇති වෙනවා. වයස්ගත මෙන්ම අධික තරබාරු පුද්ගලයින්ට නින්දේදී ස්වසන අපහසුතා ඇති වෙනවා. මෙය හඳුනාගත හැකි වෙන්නේ බොහෝ විට එම පුද්ගලයා නින්දේදි ගොරවනවා. නින්දේදි ඇතිවන බාධාකාරී ස්වසන අපහසු තාවයක් ලෙස හඳුන්වන මෙයට නිසි ප්‍රතිකාර ලබා නොගත හොත් දරුණු තත්ත්වයකටද එම පුද්ගලයාට මුහුණ පාන්න සිදු වේ. එමෙන්ම විවිධ රෝග වලට ද ගොදුරු වේ.

වැඩිපුර නිදා ගැනීම තුළින් ද පුද්ගලයින් විවිධ අපහසුතාවලට මුහුණ දෙයි. මෙය එකවර තද නින්දකට ගොදුරුවීම ලෙස හැඳින්විය හැක. මෙහිදී කකුල් එකවර පණ නැති වීම, අතපය චලනය කිරීමට නොහැකි වීම, නින්ද යන විට හෝ අවදි වන විට විවිධ කටහටවල් ඇසිම ආදි ලක්ෂණ හදුන්වා දිය හැක. නින්ද ආශ්‍රිතව චර්යාමය රෝග කිහිපයක්ද හදුනාගත හැක. එනම් නින්දේදි මුත්‍රා කිරිම,නින්දෙන් ඇවිදිම, නින්දේදි බය විම, නින්දේදි වේගයෙන් අතපය චලනය විම ආදිය දැක්විය හැක. නින්දේදි ඇවිදිම සිදු වන්නේ බොහෝ දුරට ගැඹුරු නින්දකට පුද්ගලයෙතු වැටිමත් සමඟ. මෙය පුද්ගලයාට අවදි වු විට මතක නැත. නින්දේදි මුත්‍රා කිරිම පිටවිම සමහර වැඩිහිටියන්ද අත්දකින කාරණාවකි. මෙයට වෛද්‍ය ප්‍රතිකාරද තිබේ.

පුද්ගලයෙකුට නිරෝගි නින්දක් අහිමි වෙන්නේ ඇයි, නින්ද සම්බන්ධ රෝග ලක්ෂණ සුලබම රෝගයකි. මාස තුනකට වඩා පුද්ගලයෙකුට නිරෝගී නින්දක් නැති නම් එය හඳුන්වන්නේ නිදන්ගත නින්ද සම්බන්ධ රෝග ලක්ෂණ ලෙසයි. විෂාදය සහ මානසික අවපීඩනය මූලික කරගෙන පුද්ගලයකුට නින්ද යන දේ අහිමි වේ. විෂාදයට ගොදුරු වූ නින්ද නොඑන පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීමට පවා පෙලඹේ. විශේෂටෙන්ම අපි මතක තබා ගත යුතු කාරණය වන්නේ මෙය විශාදය නිසාම ඇති වන්නක් නොවන බවයි. මනෝවිද්‍යාවට භාවිතා කරන සමහර ඖෂධ නිසා ද පුද්ගලයකුට නින්ද අහිමි වෙයි. එම නිසාම එම ඖෂධ දිගුකාලීන භාවිතයට සුදුසු නැත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *