Tue. May 17th, 2022

වර්තමානය වනවිට ලංකාවේ වැඩිම ආදරයක් ලබාගෙන තියෙන පවුලක් තමයි රාජපක්ෂ පවුල කියන්නේ, ලංකාවේ ශක්තිමත්ම දේශපාලන පවුල විදියටත් රාජපක්ෂ පවුල හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙම පවුලේ ඉන්න ලාබාලම දේශපාන පුරුක තමයි නාමල් රාජපක්ෂ කියන්නේ, 1986 වසරේ උපන් නාමල්ට මේ වනවිට වයස අවුරුදු 36ක් වෙනවා. ඒ වගේම නාමල් රාජපක්ෂ විසින් ‘ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා’ ධූරය හෙබවූවා. කොහොම වුනත් පසුගිය දිනක ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

හැබැයි දැන් මේ කියන්න යන්නේ ඒ පිලිබඳ කතාවක් නම් නවෙයි. අද කියන්න යන්නේ නාමල් ගැන වෙනස්ම කතාවක් ඒ තමයි, ඒ තමයි නාමල් රාජපක්ෂගේ බාප්පා විසින් අපූරු සටහනක් එකතු කරලා තිබ්බා. ඒ තමයි ”ඔබත් මමත් ජීවත් වන රුහුණු ගිරිවාපත්තුවේ ගැමි ජනතාව තම නායකත්වයට තෝරා ගත් රාජපක්ෂ පරපුර, අද එදාට වඩා ජනතාවගේ හදවත් දිනා ගෙන තිබෙනවා. ඒ ජනතාවගේ ආදරය දිනා ගත් අයගේ ඉදිරි ගමන නතර කරන්න බැහැ. නාමල් රාජපක්ෂ පුතුණි! ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා! – උදයාංග බාප්පා” කියලා.

කොහොම වුනත් මේ වනවිට රටේ තියෙන තත්වයත් එක්ක නාමල්ගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂත් රටෙන් පිටලවෙලා ඉන්න නිසා උපන්දින සාදයක්නම් පවත්වන එකක් නෑ කියලයි අපිට හිතෙන්නේ. ඉතින් කොහොම වුනත් අපිත් නාමල්ට සුබ උපන්දිනයක් කියලා හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *