ඔබේ සිරුරේ ඔක්සිජන් අඩු බව අඟවන ඉඟි

පුද්ගලයෙකු ජිවත් වන්නේ හුස්ම නිසයි. හුස්ම ප්‍රධාන වශයෙන් නාසයෙන් ගන්නා අතර මුඛයෙන්ද විටෙක හුස්ම ගනියි, ස්වසන රෝග වල දී පෙනහළු වලට ඇති කරන බලපෑම ඔක්සිජන් හුවමාරුවට රෝග බාධාවකි. පහුගිය කාලේ පුරාවටම පැවති කොවිඩ් තත්ත්වය එක්ක මෙම හුස්ම ගැනීමේ අපහසුතා වලට බොහෝ පුද්ගලයින් ගොදුරු ⁣වුනා. ශරිරියේ ඔක්සිජන් අඩුබවට පුද්ගලයෙකුට පහත ඉගි ලබා දෙයි.

කෙටි කාල සීමාවකදී වැඩිපුර හුස්ම ගැනිම. තමන් හොඳට ආහාර පාන ලබා ගෙන සිටියත් ශරීරයේ ශක්තිමත් බව අඩුවීම. නිතර ඈනුම් යාම. රුධිර පීඩනය වැඩිවීම. ක්ලාන්තය කැරකිල්ල ඇතිවීම. මානසික ව්‍යාකූලත්වයට ගොදුරු වීම. ගෙවුණු කාලය පුරාවට කොවිඩ් රෝගී තත්ත්වයත් එක්ක සෑම නිවසකම දැකිය හැකි උපකරණයක් වුනේ ඔක්සිමීටර යයි. ඔක්සි මීටරය භාවිතයට පෙර පහත ක්‍රම අනුගමනය කළ හැක.

නිය ආලේපන වැනිදේ ඔබේ නිය වලින් අයින් කර ඔබේ අත් උණුසුම් කර ගැනීම. මිනුම ගැනීමට පෙර විනාඩි පහක් හෝ විවේකීව සිටීම. හෘද මට්ටමින් ඔබේ පපුව මත අත තබා නිශ්චලව තබා ගන්න. පල්ස් ඔක්සිමීටරය ක්‍රියාත්මක කර ඔබේ මැද හෝ දබර ඇඟිල්ල ඒමත තබන්න. කියවීම ස්ථාවර වීමට කාලයක් ගත වේ, කියවීම ස්ථාවර නොවේ නම් අවම වශයෙන් මිනිත්තුවක් හෝ ඊට වැඩි කාලයක් ඔක්සිමීටරයේ ඇඟිල්ල තබා ගන්න.

තත්පර 5 ක් වෙනස් නොවූ පසු ඉහළම ප්‍රතිඵලය වාර්තා කරන්න. සෑම කියවීමක්ම හොඳින් හඳුනා ගන්න මූලික අවස්ථාවේ සිට පරීක්ෂා කිරීම ආරම්භ කර දිනකට තුන් වරක් හෝ පරීක්ෂා කරන්න. කොවිඩ් ආසාදිත දරුවන්ටද පසු රෝගී තත්ත්ව ආදියට අවදානමක් ඇති වන බැවින් දරුවන්ගේ වුවද දිනකට දෙතුන් වතාවක් ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීමේ වරදක් නොමැත.

ඔක්සිජන් ප්‍රතිශතය 95% ට වඩා අඩුනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙම උපකරණය නැතිනම් පහත ලක්ෂණ මගින් රෝගියෙකු හදුනා ගත හැක. ඉක්මනින් සහ වේගයෙන් හුස්ම ගැනීම, සුළු වැඩක් කළද දැනෙන හතිය ගතිය උදාහරණ ලෙස දැක්විය හැක.

Leave a comment

Your email address will not be published. Required fields are marked *