ඔබේ පුංචි බබාගේ දත් රැකගන්න මේ දේවල් කරන්න

නිරෝගී දත් දෙපලක් කියන්නේ සෑම පුද්ගලයෙකුගේම සුන්දරත්වය පෙන්වන එක් සාධකයක්. කුඩා කල සිටම ඔබේ දත් නිරන්තරෙන් පිරිසුදුව පවත්වා ගන්නේ නම් ඔබට වැඩි වියට පත්වුවත් නිරෝගී දත් දෙපලක් හිමි වෙනවා. ඉතින් අද අපි කතාකරන්න කතා කරන්න සුදානම් වෙන්නේ පුංචි බබාලාගේ දත් රැක ගන්න විදිය ගැන. පුංචි බබාලා කියන්නේ දත් මැදීමට මැලි පිරිසක්.

ඒ නිසාම ඒ කාර්යය කළ යුත්තේ බොහෝ ඉවසීමකින් තොරව. දරුවෙකුගේ කිරිදත් පැමිණ දා පටන් මෘදු කෙඳි සහිත ළමා දත් බුරුසුවකින් දත් මැදීම ආරම්භ කළ යුතුයි. දරුවන් සතුටින් සිටින ඕනෑම අවස්ථාවක දවසකට දෙවරක් දත් මැදීම සිදු කළ යුතුයි. දරුවාට අවුරුදු තුන දක්වා ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිතා කළ යුතු වෙනවා. එයට හේතූන් වන්නේ, දත් දිරා යාම වළක්වනවා දතට සිදුවන හානි වළක්වනවා. බැක්ටිරියා නාෂක ශක්තියක් තියෙනවා.

කුඩා දරුවෙකුගේ දත් මැදීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු, – දත් බුරුසුව ඉතා සැහැල්ලුව අල්ලා ගත යුතුයි. ඉතා ප්‍රවේශමෙන් දත් සහ විදුරුමස් අතර දත් බුරුසුව හැසිරවිය යුතුයි., ඇඟිල්ලට දමන දත් බුරුසු සුදුසු නැත.

කුඩා දරුවන්ගේ දත් මැදීමට ස්ක්‍රබ් ක්‍රමය වඩාත් යෝග්‍යවේ. ඊට හේතුව සෑම දතක් මතම වෘත්තාකාරව ගමන් කිරීමට හැකි වීමයි. දත් මත දුඹුරු සහ කළු පැල්ම් දිස්වේ නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. මාස හයකට වතාවක් හෝ දෙමාපියන් විසින් දරුවන්ගේ දත් මෙසේ පරික්ෂා කළ යුතුයි. දත් දිරායාම හෝ දත්වල වෙනසක් දුටුවහොත් දරුවා වහාම දන්ත සායනයකට යොමු කළ යුතුයි. දරුවෙකුට අවුරුද්දක් සපිරෙන විටත් දත් පැමිණ නැත්නම් එම දරුවාද දන්ත සායනයකට යොමු කළ යුතුයි. ඉන් පසුව වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු වෙනවා.

සුන්දර පිරිසිදු ශක්තිමත් මෙන්ම නිරෝගී දත් දෙපළක් හිමි කර ගැනීමට අවශ්‍ය වන හොඳ පුරුදු , කැල්සියම් ප්‍රෝටීන් බහුල ආහාර ගත යුතුයි. එළවළු පලතුරු වැනි දේ. සීනි පාවිච්චියේදී සැලකිලිමත් විය යුතුයි. මේදය අවම සත්ව මාංශ කිරි බිත්තර යෝගට් පලා වර්ග ආහාරයට ගත යුතුයි. ක්ෂණික ආහාර වෙනුවට ස්වාභාවික ආහාර වේල් වලට පුරුදු විය යුතුයි. පැණි බීම සහ කාබනික බීම දරුවන්ට දීමෙන් වැළකිය යුතුයි.පිපාසයට නිරන්තරයෙන් ජලය පමණක්ම දිය යුතුයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *