ඔබේ ඇස් රැකගන්න මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න

ඇස කියන්නේ අපේ ශරීරයේ ඉතාම සියුම් ඉන්ද්‍රියක්. ඒ නිසාම නිසාම අපි ඇස කියන දේ ඇසක් මෙන් පරිස්සම් කළ යුතුයි. අපි නොහිතන දේවල් වලින් අපේ ඇස් වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ නිසාම අපි අද හිතුවා ඇස රැක ගැනීමේ වැදගත්කම ගැන කතා කරන්න. ඇස් අන්ධ වීමට බලපාන හේතු කීපයක් තියෙනවා. ප්‍රධානතම හේතුවක් විදිහට වයස් සීමාව දක්වන්න පුළුවන් වෙද්දි එය සුද මතුවීමේ තත්ත්වය දක්වා වර්ධනය වෙනවා. ලොව අන්ධ ජන ජනගහනයෙන් 60% ක ප්‍රමාණයක් සුද නිසා බව තොරතුරු හෙළි වෙනවා. ඇසේ කාච විවිධ හේතු මත සුදු පැහැයට හැරෙනවා. ඒ නිසා ඇස් ක්‍රමක් ක්‍රමයෙන් පෙනීම දුර්වල කරනවා. කෙටියෙන්ම ඇසට දැලක් දැම්මා සේ දැනෙනවා.

ඇසේ සුද ඉවත් කිරීමේ ප්‍රතිකර්මය වන්නේ ශල්‍යකර්මයක් මගින් ඇසේ සුද ඉවත් කිරීමයි. තව අන්තස් අක්ෂි කාච බද්ධ කිරීම මගින් ද මගින්ද සුද ඉවත් කරගන්න පුළුවන්. මෙමගින් සීයට 90% කගේ පෙනීම නැවත ලබා ගන්න පුළුවන්. මෙම ශල්‍යකර්මය සඳහා වැය වන ඉතාම කෙටි කාලයක්. ඇසේ සුද තත්ත්වය වයස්ගත පුද්ගලයන් අතර මෙන්ම කුඩා දරුවන් අතරද දැකිය හැකි රෝගයක්.

බොහෝ දුරට කුඩා ළමුන් අතර සුද ඇති වන්නේ සංජානීය ආබාධ හේතුවෙනි. මෙය උපතේදීම ජානවලින් සිදුවන්න පුළුවන්. එයට මව රුබෙල්ලා රෝගියකු වීම ද බලපානවා. මෙවැනි තත්ත්වයකට ගොදුරු වූ දරුවෙක් ඉපදී මුල් මාස කිහිපයේදී හෝ අවුරුදු දෙක තුන තත්වයකදී තත්ත්වයකදී සුද තත්ත්වයට ගොදුරු වෙනවා. එය ශල්‍ය කර්මයක් මඟින් සුව කරගන්න පුළුවන්.

අවුරුදු 10 අවුරුදු 25 අතර වයස් කාන්ඩවල පිරිස අතර ද ඇසේ සුද දැකිය හැකි වෙනවා. ඇසට ඇති වූ කිසියම් රෝගී තත්ත්වයක් නිසා හෝ ඇසට සිදු වු සුළු අනතුරක් නිසා ⁣මේ කියන සුද රෝගය ඇති වෙනවා. මැදිවියේ බොහෝ දෙනා සුද රෝගයට ගොදුරු වන්නේ දියවැඩියාව නිසා. දියවැඩියාව ඇති පුද්ගලයකුට සුද ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි. අවුරුදු 50ට වැඩි පුද්ගලයෙකු ගේ ඇසට සූද ඇති වන්නේ නම් එයට ප්‍රධානතම හේතුව වයසට යාමයි. සමහර අවස්ථාවලදී මෙම වයස්ගත අයට සුද ඇතිවීමෙන් සම්පූර්ණ අන්ධ භාවයට ද පත්වෙනවා.

බෝ නොවන රෝගයක් විදිහට දක්වන දියවැඩියාව මේ වන විට සමාජය විශාල වශයෙන් පැතිර යන රෝගී තත්ත්වයක්. බොහෝ විට වැරදි ආහාර රටාව මෙයට බලපානවා. දියවැඩියාව නිසා ශරීරයේ ඉන්ද්‍රියන් තුන කට ප්‍රධාන වශයෙන් බලපෑම් ඇතිවෙනවා .ඒ ඇස, වකුගඩු, හෘද වස්තුව. ඇසේ දෘෂ්ටි විතානයට දියවැඩියාව ප්‍රධාන ලෙස බලපෑම් ඇති කරනවා. මෙමගින්ද පුද්ගලයෙකු සම්පූර්ණ අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. මේසඳහා විවිධ ප්‍රතිකාර තිබුණද ඒ සියල්ල සාර්ථක වන ප්‍රතිශතය අඩුයි. දියවැඩියා රෝගියෙක් ඇසේ සුද තත්ත්වයට පත්වුවහොත් කිසිදු බාහිර රෝගී ලක්ෂණයක් නොපෙන්වයි. එය නිරීක්ෂණය කරගත හැකි වන්නේ අක්ෂි රෝගී වෛද්‍යවරයෙකු ළඟට ගොස් පමණයි.

විශේෂයෙන්ම පුද්ගලයන් වශයෙන් මතක තබා ගත යුතු වන්නේ බාහිර කිසියම් දෙයකින් ඇසට හානියක් සිදු වූයේ නම් එම පුද්ගලයා වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුය. ඇසේ යම් රෝගී ලක්ෂණ පෙන්නුම් කරන රෝග ලක්ෂණ ලෙස ඇසේ දැවිල්ල, ඇස රතුවීමක් හෝ ඇස මතින් කදුළු ගැලීම දැක්විය හැකිය. පළපුරුදු අක්ෂි රෝගී වෛද්‍යවරයකුගෙන් හැර අන් අයගෙන් ප්‍රතිකාර ගැනීම කිසිවෙකුත් නො නොකළ යුතුයි.

සමාජයේ පින් වපර ලෙස හඳුන්වනවා වපර නිසා ඇසේ පෙනීම අඩුවී යා හැකිය. එවැනි වපර තත්ත්වයක් තිබේ නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි. යම් අයෙකු උපැස් යුවලක් පාවිච්චි කරන්නේ නම් වෛද්‍ය නිර්දේශයකින් එය ලබාගත යුත්තක් විය යුතුයි. තවද යම් පුද්ගලයකු දැඩි සේ ජංගම දුරකථන තිරය, පරිගණක තිරය දෙස බලා සිටීම වැනි කරුණු නිසාද මේ වන විටත් අනිටු ප්‍රතිඵල ඇතිවෙලා තියෙනවා. ඒ අතර හිසේ කැක්කුම, ඇස් දැවිල්ල, ඇස් වල කැක්කුම ආදිය දක්වන්න පුළුවන්. විනාඩි විස්සකට වඩා වැඩි කාලයක් ඩිජිටල් තිරයක් මත බලා ඇස් පිය නොගහ සිටින්නේ නම්එය බෙල්ලේ මාංශ පේශි වලට ද බලපානවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *