ඔබේ ආදරය මට මහමෙරක් වගේ – ජනප්‍රිය නිලි පියුමි බොතේජු

අපි හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියන්නේ, රිදී තිරය, පුංචි තිරය වගේම වේදිකාවේත් හැමෝගෙම ආදරේ දිනාගන්න පියුමි සමත් වුනා ඒ වගේම පියුමි සමාජ මාද්‍ය හරහාත් ගොඩක්ම ජනප්‍රිය චරිතයක්. ඉතින් අද අපේ කතාබහ පියුමි බොතේජු සමග. පියුමි ප්‍රහසන චරිත නිතරම කරලා ඒ තුල කොටුවීමෙන් ඔබ කරගනේ ඔබටම හානියක් කියලා හිතෙන්නේ නැද්ද..? ”එක මගේ වරදක් නෙවෙයි අපේ ක්‍ෂේත්‍රයේ තියෙන වරදක් තමයි රංගන ශිල්පිනියක් හෝ රංගන ශිල්පියෙක් ප්‍රහසන චරිත දෙකක් තුනක් කලාම ඒ චරිත වලටම කොටු කරනවා. ඉතින් දිගටම ප්‍රහසන චරිත කරද්දී වෙනත් චරිත වලට ආරාධනා ලැබෙන්නෙත් අඩුවෙන් හැබැයි මගේ වාසනාවට මට එහෙම ගැටළු නෑ”

වර්තමානයේ අපි දකිනවා සමාජජාලා හරහා රංගන ශිල්පීන් ගැන විවිද කට කතා පැතිරෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට මුහුණ දීලා ඉන්න රංගන ශිල්පිනියක් විදියට ඔබගේ අදහස මොකද්ද..? ”දැන් ගොඩක් අය වෙබ් සයිට් හදාගෙන, යුටියුබ් චැනල් කරන්නෙත් කිසිම ප්‍රමිතියක් නැතුව. කවුරු හරි කියන පලියට ජනප්‍රිය අයගේ කුණු හොය හොයා ඒවා ප්‍රසිද්ධ කරනවා. මාද්‍ය කියන්නේ උතුම් රස්සාවක්, හැබැයි අද වෙනකොට සමහර අයගේ වැඩ නිසා මේ රස්සාව පහත් තත්වයට වැටෙනවා.”

පියුමි හැම අවුරුද්දෙම ඔබගේ උපන්දිනය සමරන්නේ හරිම වෙනස් විදියට නේද..? ”ඔව් මම මගේ හැම උපන්දිනයටම පිං වැඩ කරන කෙනෙක් ඒක එදත් කළා අදත් කරනවා හෙටත් කරනවා. සාමාන්‍යයෙන් මම වැඩියෙන්ම උදවු කරන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට, සමහර වෙලාවල් වලට ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒත් මම ඒ දවසට පිං වැඩ කරන එක නතර කරන්නේ නෑ.”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න පියුමිගේ උපන්දිනය පසුගිය දිනකට යෙදී තිබුනා ඉතින් ඒ වෙනුවෙන් ඇය උතුම් පින්කමක් සිදුකරලා. ඒ පිලිබඳ සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බ සටහන තමයි මේ. ”මගේ උපන්දිනය වෙනුවෙන් අරංගල රිදී දේවාල විහාරස්ථානයේ පැවැත්වූ පිංකම. අප විහාරස්ථානයේ නායක ගරුතර රිපුලානන්ද ස්වාමින්වහන්සේ ගේ මග පෙන්වීම යටතේ ගම්වාසින් සියලු දෙනාගේ උපකාරයෙන් පිංකමක් පැවැත්වීමට පුළුවන් වුනා. ධර්මදේශනාව සදහා වැඩමවා වදාළ ගරුතර හිගුරේ පඤ්ඤාසේකර ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝයුෂ ලැබේවා. ආදරණීය ඔබේ සුබ පැතුම මගේ උපන්දිනය විශේෂ උපන්දිනයක් කලා. ඔබේ ආදරය මට මහමෙරක් වගේ, මේ මගේ වත්කම තවමත් ඔබේ සුබ පැතුමට පිළිතුරු ලියන ගමන්. මේ තරම් ආදරයක් ලබන්න මම ගොඩක් පිං කරන්නට ඇති. ඉතින් ස්තුතියි ඔබ සැමට ඒ ආදරය පිරුණු සුබ පැතුමට.”, ඉතින් අපිත් පියුමිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම සුබ පතමු.

Related Posts

Leave a Reply

Your email address will not be published.