ඔබත් හැමදාම බනිස් කන කෙනෙක් නම් මේ දේවල් ටිකත් දැනගෙන ඉන්න

බොහෝ දෙනෙක් මේ වන විට තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නොසිතා ආහාර පාන ලබා ගන්නවා. ඒ නිසාම වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනා පිටි සීනි තෙල් අධික ලුණු ආහාරයට ගැනීමට පුරුදු වෙලා ඉන්නවා. එවැනි දේ දිගුකල් පාවිච්චි කිරීම නිසාම නුදුරේදීම බෝ නොවන රෝග බෝහොමයක් ඇතිවෙන්න බලපානවා. මරණ අනුපාත දෙස බැලුවහොත් ලංකාවේ සිදු වන මරණ වලින් සියයට 83 ක් ම සිදුවන්නේ බෝ නොවන රෝග නිසා. ඉන් සියයට දහයක්ම දියවැඩියා රෝගයට අයත් වෙනවා.

සියට 34ක් හෘදයාබාධ රුධිර පීඩනය ආදී රෝගී තත්ත්වයන් නිසා සිද්ධ වෙනවා. 2016 දත්ත වාර්ථා වලට අනුව අපේ රටේ කාන්තාවන්ගේ 45% ක් පිරිමි පුද්ගලයින් 25%ක් ම අධික තරබාරු ගණයට අයත් වෙනවා. මෙයට මුලිකම හේතුව අධික පැණි රස ආහාරයට ගැනිමයි. සීනි සහ පැණි රස ආහාරයට ගැනිම පාලනය කල යුතුයි. එසේ කලහොත් ලෙඩරෝග ගානකින් මෙන්ම සංකූලතා ගනනාවකින් වැළැක්විය හැකියි.

ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන ආකාරයට පුද්ගලයෙක් දිනකට සිනි මේස හැදි හයකට සිමා විය යුතුයි. එහෙත් අපිට දිනකට සිනි හැදි 10/12ලබාගන්න වෙනවා. ප්‍රමාණය ඉක්මවා සීනි ආහාරයට ගැනිමෙන් ශරිරයේ සිනි මෙන්ම තෙල් ප්‍රමාණය ද වැඩි වෙනවා. දියවැඩියා රොගයට ගොදුරු වෙනවට වඩා සීනි අවම කර ආහාර ගැනිම කළ යුතුයි. පැණි රස පමණක්ම නොව ලුණු ආහාරයට ගැනිමද අවම කළ යුතුයි.

දෛනිත දින චර්යාවට පිටි සීනි තෙල් කෑම ආහාරයට ගැනිම පාලනය කළ යුතුයි. නිරන්තරයෙන් ජලය හොදින් පානය කලයුතුයි. කුඩා දරුවන් පවා පැය දෙකක් හෝ දහඩිය වගුරවා ක්‍රියාකාරකම් කල යුතුයි. වැඩිහිටියන් ව්‍යායාම් දෛනිකව කළ යුතුයි. ක්‍රියාශිලි පුද්ගලයෙක් විය යුතුයි. එක් වේලකට පමණත් පැණි රස ආහාරයට ගැනිමට පුරුදු විය යුතු අතර තමන්ගේ සෞඛ්‍යය රැකෙන නිවැරදි ආහාර රටාවකට හුරුවිය යුතුයි.

කාර්ය බහුලත්වය නිසා රැකියාවල නිරතවන බොහොමයක් දෙනා ප්‍රධාන ආහාර වේල මගහැරලා ඒ වෙනුවට බනිස් එකක් කාලා ටී එකක් හෝ ප්ලේන්ටියක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම මේක ගොඩක් නරක පුරුද්දක් ඒ නිසා මෙම පුරුද්ද පුලුවන් තරම් මගහරවා ගන්න. මොකද ලෝකේ තියෙන උතුම්ම සම්පත තමයි නිරෝගීකම කියන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *