Tue. May 17th, 2022

මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණ වාහිනියේ විකාශනය වන ‘පාර දිගේ’ කියන්නේ, මේ ටෙලිනාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි ආන්‍යා කියන්නේ, ආන්‍යා කියන චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියක වන දේශානි නෙහාරායි, ඉතින් අපි හිතුවා මේ දවස්වල හැමෝම ආදරේ කරන දේශානි එක්ක ටිකක් කතා කරන්න.

දේශානි නිලියක් වෙන්න හිතුවේ ඇයි ‘ඇත්තටම කියනවනම් මට යමක් කමක් තේරෙන කාලේ ඉඳලම කැමතියි රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගේම මම ගුවන් සේවිකාවක් වෙන්නත් ගොඩක් ආසා කළා. හැබැයි වැඩියෙන්ම ආසා කලේ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගේම මම නර්ථනයත් ඉගන ගත්තා.’

දේශානි ආන්‍යා වෙන්නේ කොහොමද? ‘ඒක ඇත්තටම අහම්බයක්. මම නිරූපන ක්‍ෂේත්‍රයේ ඉන්න කාලේ රඟපාන්න අවස්ථාවක් ලැබේවි කියලා බලාගෙන හිටියා එහෙම ඉද්දි තමයි ජාන්වි අප්සා නංගිගෙ අම්මයි තාත්තයි මීට් වුනේ. ඒ දෙන්නා තමයි මාව චාමර සමරවික්‍රම අයියට මුණගස්සලා මේ චාන්ස් එක අරන් දුන්නේ”

දේශානි කරාටේ ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි කියලා කියනවා ඇත්තද ඒ ”ඔව් ඔව්. මගේ වැඩ පෙන්නලා සමහර අය බය කරලත් තියෙනවා. සහමර අය කරාටේ කරලා පෙන්නන්න කියනවා, ඒ වෙලාවට මම පොඩි වැඩක් දෙකක් දාලා පෙන්නනවා. ඒවා දැක්කම කට්ටිය කියනවා අම්මෝ මෙයාගෙන් නම් පරිස්සම් වෙලා ඉන්න ඕන කියලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *