ඒ වෙලාවට මට හිනාව නතරකරගන්න බෑ – පබෝදා සංදීපනී

ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම ජනප්‍රිය වුන සිනමාපටයක් තමයි බහුබූතයෝ සිනමාපටය, ඉන්පසු එම සිනමාපටයේ දෙවන කතාංගයලෙස ගින්දරී සිනමාපටය නිර්මාණය වුනා, මේ වනවිට ගින්දරී 3 වන සිනමාපටයත් තිරගතවෙනවා. ගින්දරී කියපු ගමන් හැමෝටම මතක් වෙන්නේ මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවන රංගන ශිල්පිනිය පබෝදා සන්දීපනීවයි, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක වන පබෝදා සමග,

පබෝදා බහුබූතයෝ දෙක විදියට ආව ගින්දරී දැන් ගින්දරී තුනක් දක්වා ඇවිත්, ඉතින් කියන්නකෝ මේ අතරින් හොඳම මතකයන් තියෙන්නේ මොන රඟපෑමේද කියලා, ”හිතට එකඟව කියනවනම් පලවෙනි එකේ, මොකද බහුබුතයෝ කියන්නේ මගේ පලවෙනි අත්දැකීම නේ, එකේ කවුරුවත් මේ විදියට චරිතය ගැන කලින් දැනගෙන හිටියේ නෑ, ඉතින් ෂූටින්වලට රෙද්දේ හැට්ටේ ඇඳගෙන පාරේ යද්දී හැමෝම බලනවා මොකද මේ කියලා, මේ ගෑනු ළමයට පිස්සුද කියලා අහපු අයත් හිටියා, ඒ කාලේ හරිම අපහසුතාවයෙන් තමයි ඒ දේවල් කලේ,”

දැන් පාරේ යද්දී මිනිස්සු පබෝදා දිහා බලන්නේ බයෙන් වගේ කියන්නේ ඇත්තද..? ”බහුබූතයෝ කරපු කාලෙනම් කොහොමත් ලැබුනේ ඒ වගේ ප්‍රතිචාර තමයි, සමහර අය මගෙත් එක්ක කතා කරන්නෙත් බයෙන් බයෙන්, ටික වෙලාවක් ගියාම තමයි නෝමල් වෙන්නේ, වාහනේක ගියත් එකේ ඉන්න අය එකපාර කතා කරන්නේ නෑ, ටිකක් වෙලා යනවා කතා කරන්න පටන් ගන්න,”

රොඩ්නි මහේන්ද්‍ර වගේ රංගන ශිල්පියන් එක්ක රඟපාද්දී හිනාව නතරකරගන්නේ අමාරුවෙන් වෙන්න ඇති නේද..? ”මෙහෙමයි හිනාව නතරකරගන්න බැරි වෙලාවල් තියෙනවා, රඟපාලම දැන් ඒවා පුරුදු වෙලා, අපි ගොඩක් වෙලාවට රඟපාන්නේ අනිත් ශිල්පියාට අපහසුතාවයක් ඇති වෙන්නේ නැති විදියට, හැබැයි ඉතින් සමහරවෙලාවට හිනාව නතරකරගන්න බෑ, දර්ශන තලයේ විහිලු තහළු එක්ක තමයි අපි වැඩ කරගෙන යන්නේ, හැමෝම එකිනෙකාට උදවු කරනවා, හරිම විනෝදයි”

Related Posts