‘ඒ වැඩේ මම හිතපුතරම් ලේසි නෑ’ මේ දවස්වල හැමෝම ආදරේ කරන චතුෂි කියන කතාව

මල් පිපෙන කාලේ ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසෙන ඇය චතුෂි රත්නායක. 2021 වර්ෂයේ ස්වර්ණ කුමරිය ලෙසට ලෙස අභිෂේක ලැබූ ඇය මේ වන විට කාගේත් ආදරේ දිනා ගෙන අවසන්. අද අපි සූදානම් වෙන්නේ අය ගැන කතා කරන්නයි. මල් පිපෙන කාලේ නාට්‍යයේ මේකලා කියන්නේ ඔබට හිමිවුන චරිතය, ඉතින් අපි එතනින්ම කතාව පටන් ගමු, ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ ටෙලි නිර්මාණයකට මට දායක වෙන්න පුළුවන් වීම ගැන. ලකී අයියා තමයි මාව මේ නාට්‍යයට ගත්තේ. මේකලා කියන්නේ මගේ සැබෑ ජීවිතය වගේම චරිතයක්. ඉතින් ඒ නිසා ඒ චරිතය මට ගොඩක් සමීප වුණා.

රංගනය කියන දේ ඔබ හිතන තරම් ලේසි පහසු දෙයක්ද,? ”මම ගොඩක් වෙලාවට ටෙලි නාට්‍යය චිත්‍රපට බලන කෙනෙක්. එහෙම බලද්දි මට හිතුණා රඟපානවා කියන එක හරිම ලේසියි කියලා. ඇත්තටම ඒක අමාරු නැහැ කියලා. හැබැයි දැන් තමයි මට තේරෙන්නේ මම හිතපු තරම් එක ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා. රඟපානවා කියන දේ හරිම අමාරු දෙයක්. මම ඒ දේවල් අත් විදින්න විදින්න තමයි ඒ දේවල් තේරුම් ගියේ.”

ස්වර්ණ කුමරිය නිසා නිසාද රංගනයට යොමු වුණේ, ”මාව රටක් අඳුරගත්තේ 2021 ස්වර්ණ කුමරිය නිසා. එයින් පස්සේ මට ටෙලි නාට්‍යවලින් ආරාධනා ලැබුණා. හැබැයි මුලදී මට ගෙන් නාට්‍ය වලට නාට්‍යවලට සම්බන්ධ වෙන්න බැරි වුණා. එයට හේතුව මගේ අධ්‍යාපන කටයුතු. ඉතින් ඒ ලැබුන විවේකෙන් පස්සෙ තමයි මම මල් මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. මම අවුරුදු කුමරිය වුනේ ස්වර්ණවාහිනියෙන්.

ඔබ සැබෑ ජීවිතයේදී කොයි වගේ කෙනෙක්ද, ”මම ගොඩක් සරලව ජීවත්වන කෙනෙක්. කාගෙවත් හිත රිද්දන්න කැමැති කෙනෙක් නෙවෙයි .මට පුළුවන් විදිහට මම යාලුවන්ට ගොඩක් උදව් කරනවා. මම අනිත් අයව තේරුම් අරගෙන ජීවත් වෙන්න ගොඩක් දුරට උත්සහ කරනවා. හැබැයි මට පොඩි දේටත් දුක හිතෙනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *