‘ඒ දෙන්නට කලු පැල්ලමක් ගෙන දෙන දෙයක්’- අසේකගේ වෙඩින් එකේදී රෝහිතට ඇත්තටම හූ කියලද?

පසුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර වැඩිපුරම කතාබහට ලක්වුණ විවාහ උත්සවයක් තමයි ජනප්‍රිය නර්තන යුවලක් වන චන්න උපුලී යුවලගේ ආදරණීය එකම දියණිය වන අසේකා විජේවර්ධන ගේ විවාහ උත්සවය, අසේකා විවාහ වෙන්නේ ලංකාවේ ඉහලම පන්තියේ ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග. අසේකාගේ ආදරණීය පෙම්වතා ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කලේ හෙලිකොප්ටර් එකකකින් ඇවිත් නිසා මේ ආදරය ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තා. ඒ වගේම පසුගිය දිනක ඉන්දියානු විවාහ චාරිත්‍ර ක්‍රමයට අසේකාගේ ඇඟේ කහගෑමේ චාරිත්‍රයෙන් පසුව ඔවුනේ විවාහය පැවැත්වුනා.

කොහොම වුනත් මේ විවාහ උත්සවයේ සිදුවුනා යැයි කියන සිදුවීමක් නිසා නැවතත් අසේකාගේ විවාහය පිලිබඳ හැමෝම කතාවෙන්න පටන් අරගෙන තිබබා, ඒ සම්බන්දව සමාජ ජාලාවල ශෙයා වුන සටහන තමයි මේ ”නර්තනවේදී චන්න විජේවර්ධනගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ මුණුපුරාගේ විවාහ උත්සවය ආරාධනා ලැබ පැමිණි චිචී සිය බිරිඳ දරුවන් දෙදෙනා සමඟ අසුන් ගන්නවා සමගම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිතයන් චිචී සිය මේසයේ එකට වාඩිවීම පවා පිළිකුලෙන් බැහැර කර නැගිටියි. ඔහු මනාල යුවලට සුබ පැතීමටවත් නොසිට එතැනින් වේගයෙන් පිටත්වුයේ මහා හූ හඬක් මැදින් ලු” කියලා.

කොහොම වුනත් මේ සිදුවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක් කරලා රෝහිත රාජපක්ෂ ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරලා තිබ්බා. ඒ සටහන තමයි “කෙනෙකුගේ විවාහයක් අපකීර්තියට පත්කරන්න එපා බොරු දේවල් පෝස්ට් කරලා. ඒක ඒ දෙන්නට කලු පැල්ලමක් ගෙන දෙන දෙයක්.” කියලා, කොහොම වුනත් මේ සුදුවීම පිලිබඳ වැඩිදුර තොරතුරු සොයද්දී අපට දැනගන්න ලැබුනේ එම විවාහයේදී සිදුවුනා යැයි සමාජ ජාලාවල පැතිරෙන කට කතාව අසත්‍යක් කියලා”

Related Posts

Leave a Reply

Your email address will not be published.