‘ඒ දෙන්නගෙන් කාට ආදරේ කරන්නද කියලා හිතාගන්න බෑ’ ජනප්‍රිය නළු සචින් කියන කතාව

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය වැඩිපුර දිනා ඇති බොහෝ දෙනෙක් කතා කරන, බොහෝ දෙනෙක් නොඉසිලිමත් ලෙස බලා ඉන්න ටෙලිනාට්‍යයක් ලෙස කියාදෙන්න ආදරේ තරම් හදුන්වා දෙන්න පුළුවන්. මෙහි එන චරිත සියල්ලම ප්‍රෙක්ෂකයාට හදවතට දැනෙන්න කතා කරනවා කියන්න සැකයක් නෑ. අද අපි කතා කරන්නේ කතාවේ නිර්වාන්ට පණ දෙන සචින් ලියනගේ ගැන.

මේ දවස් වල නිර්වාන්ගේ ආදර කතාව ගැන හැමෝම කතා වෙනවා නේද.? “මේක තුන් කොන් ආදරයක නිසාම හැමෝම බලන් ඉන්නේ කාටද නිර්වාන් ආදරේ කරන්න කියන්න. ⁣රංගනයෙන් එකතු වුනත් වෙලාවකට මම හරි චකිතයෙන් තමා චරිතයට මුහුණ දෙන්නේ. මොකද ඇත්තටම කාට ආදරේ කරන්න වෙයිද කියන්න මම දන්නෙත් නෑ. මේ තුන්කොන් ආදරේ විසදෙන විදිහ ඉදිරියට බලමු. මම වුනත් බලන් ඉන්නේ ඇත්තටම නිර්වාන් අයිති වෙන්නේ කාටද කියලා.”

ඔබට අද වෙන විට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ, “මට ගොඩක් සතුටුයි. මේකේ පිටපතේ ඉදන් පිටුපසින් ඉන්න හැම චරිතයකම එකමුතුව තමා මේ දකින්න ලැබෙන්නේ. කතාව යන්නේ වෙනස්ම විදිහකට නිසා ගොඩක් අය කතාව බලන්නේ කුතුහලය එක්ක. හැමෝම ඒ ගැන කතා වෙනවා. ඉතින් එහෙම බලද්දි ඒ ප්‍රේක්ෂක ආදරය එක්ක නිර්වාන් කියන චරිතයට මම සාධාරණය ඉෂ්ඨ කරලා තියෙනවා. මම ඒ වෙනුවෙන් උපරිම කැප වෙනවා.”

සචින්ට ඇත්තටම ජිවිතේ කියන දේ දැනෙන්නේ කොහොමද “ම⁣ගේ ජිවිතේ ප්‍රතික්ෂේප වුන තැන් අනන්තයි. අදට වුනත් තියෙනවා. ඉස්සරහටත් තියේවි. මම ඒ හැමදේම බලාපොරොත්තු වෙනවා. මම මගේ මහන්සියෙන් තමා මේ ගමන ආවේ අද වෙනකන්. මම ගොඩක් දේවල් බලාපොරොත්තුවෙන් ජිවත් වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මම අද දවස ජිවත් වෙන කෙනෙක්. මට ලැබෙන පුංච් දේකින් වුනත් ඇත්තටම මම සතුටු වෙනවා. එහෙම තමා මට ජිවිතේ කියන දේ දැනෙන්නේ. ඒ නිසාම මට පුංචි දේකින් වුනත් ලොකු සතුටක් ලබන්න පුළුවන්.”

ආදරේ ගැන කතා කලොත්, “ආදරය කියන්නේ සතුටටම තියෙන දෙයක් නෙවෙයි. දුක වුනත් ආදරේ ඇතුලේ තියෙනවා. මේ ලෝකේ භායානකම දේ තමා ආදරය කියන දේ. ඒ නිසාම මම ආදරය කියන දේට බයයි ටිකක්. ආදරේ කියන දේ මතුපිටන් බලලා කියන්න බැරි හැගිමක්”

Leave a comment

Your email address will not be published. Required fields are marked *