‘ඒ තීරණ දෙකක් ගැන අදටත් මම පසුතැවෙනවා’ රංගන ශිල්පිනී ධනුෂ්කා කියන කතාව

ධනුෂ්කා ජයරත්න කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්.ඇය පුංචි තිරයට නම් ආධුනික චරිතයක් නෙවෙයි. ඇය සම්බන්ධ වෙන චරිතයට උපරිම සාධාරණත්වයක් ඉෂ්ඨ කරන දක්ෂ රංගන ශිල්පිනියක් කිව්වොත් හරි.අපි මේ සූදානම් වෙන්නේ ඇය ගැන ඒ ගැන කතා කරන්නයි. පාසල් කාලේ අරමුණ වුනේ කුමක්ද, ”මගේ හිතේ තිබුනේ සහ මම බලාපොරොත්තු වුනේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළට කළේ ජිව විද්‍යාව. හැබැයි මට අම්මා කිව්වේ මට ගැළපෙන්නේ කලා විෂයේ කියලා. සාමාන්‍ය පෙළ හොඳට පාස් වුණ නිසාම මම ජීව විද්‍යාව තෝරාගත්තා. මම පාසලේදී කලාව කියන දේට දක්ෂතා පෙන්නපු කෙනෙක්. විෂය සමගාමී මෙන්ම විෂය බාහිර දේවල් වලට ද මම දක්ෂතා පෙන්නපු කෙනෙක්. පාසලේ වේදිකා නාට්‍යවලට ද මම සම්බන්ධ වුණා.”

ඔබ රංගනය වෘත්තියක් විදියට තෝර ගත්තේ කොයි කාලේද, ”මම මුලින්ම රංගනයට ඉන්නේ කිසිම හැදැරිමක් කරලා නෙවෙයි. මම රංගනයට එන්නේ හරිම අහම්බෙන්. මුලින්ම අවස්ථාව ලැබුනට පස්සේ රඟපාන්න ආයේ අවස්ථාවක් මට ලැබුනේ කලාතුරකින්. ඒ නිසා මම හිතුවා රැකියාවක් කරන්න. හැබැයි මට පසුකාලයේදී එක දිගට නිර්මාණ වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙද්දි රංගනය ගැන ඉගෙන ගන්න මම පෙලඹුනා. මගේ ගමන වේදිකාවෙන් ආරම්භ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒක මගේ ගමනට ලොකු ශක්තියක් කිව්වොත් හරි. මම ලොකු කැපකිරීමක් කරලා තමයි මෙතනට ආවේ. මම දෙයක් කරන්න ගත්තොත් ඒ දේ උපරිම කැපවීමෙන් කරනවා. රංගනය වෘත්තියක් විදිහට තෝර ගනිද්දි මේ ගමන ස්ථිර වෙයිද කියලා මට දෙගිඩියාවක් තිබුණා. හැබැයි මගේ අම්මා මාව දිරිමත් කළා. එයා කිව්වෙත් දුව ඔයා මේ ගමන යන්න කියලා.”

ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ, ”රංගන ශිල්පිනියක් විදිහට තරමක සාර්ථකත්වයක් තියෙනවා කියලා හිතනවා. ඒ වගේම රංගනය කියන දේ එක්ක ජීවිතේට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලත් හිතෙනවා. මගේ පෞද්ගලික ජීවිතය තුළ මම ගත්ත තීරණ දෙකක් ගැන මම අද පසුතැවෙනවා. හැබැයි ජීවිතය අද වෙනකම් මම ආව ගමන ගැන හිතලා බලද්දි මට ගොඩක් සතුටුයි. මම අද ජීවත් වෙන්නේ සතුටින්. මම මගේ ජීවිතය අවංකව ගෙවනවා වගේම මම අනිත් අයටත් අවංක විදිහට ජීවත් වෙනවා. මට මම ගැන ලොකු බලාපොරොත්තු ලොකු අරමුණු නැහැ. මගේ ජීවිතේ එකම අරමුණ මගේ පුතාට හොඳට උගන්වන එක. ඒ වගේම එයා හොඳ මනුස්සයෙක් විදිහට විදියට සමාජයට යවන එක. මේ ගෙවන මොහොත මම සතුටින් ගෙවෙනවා. මොකද ගෙවිලා යන තත්පරයක්වත් අපිට ආපහු ගන්න බැහැ ඒ නිසා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *