ඒ ගෑනු කෙනා නිසා තව පොඩ්ඩෙන් අපි දෙන්නා ඩිවෝස් වෙනවා – ජනප්‍රිය ගායක දිනේෂ් තරංග

ගායන ශිල්පියෙක් විදියට ගායනා කල පලවෙනි ගීතයෙන්ම රසික හදවත් දිනාගන්න සමත්වුණ ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ, කාලෙන් කාලෙට විවිද ගීත හරහා වගේම කාලෙන් කාලෙට සමාජ ජාලා හරහාත් දිනේෂ් හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක් විදියටත් දිනේෂ් තරංග හඳුන්වන්න පුළුවන් ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන දිනේෂ් තරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ සමග,

ඔයාලා දෙන්නා අතර සම්මතයට අනුව ලොකු වයස් බේදයක් තියෙනවා, ඉතින් මිනිස්සු එක එක කටකතා හදනවා නේ, ඔයාගේ හස්බන්ඩ් අරයා එක්ක යාලුයි මෙයා එක්ක යාලුයි කියලා, ඉතින් ඒ වගේ දෙයක් ඔයාටම කවුරු හරි කිවුවොත් ඔයා මොකද කරන්නේ..? අපි අහපු මේ ප්‍රශ්නයට දිනේෂ්ගේ බිරිඳ අපිට දුන්නේ මේ වගේ පිළිතුරක් ”අනේ ඒ වගේ දේවල් මට ඕන තරම් අහන්න ලැබිලා තියෙනවා, හැබැයි දැන් ඒ ගැන කතා කරද්දී මම ටිකක් සංකීර්ණ වෙන්න වෙයිද දන්නේ නෑ, හැබැයි මෙහෙමයි ඒ වගේ දෙයක් අහන්න ලැබුනම මමත් කලබල වෙනවා මොකද මගේ අත්දැකීම් එක්ක එහෙම දෙයක් අහන්න ලැබුනම මම සෑහෙන්න කලබල වෙනවා

හැබැයි මම පොඩ්ඩක් සතුටු වෙනවා, මොකද දිනේෂ් කවමදාවත් මට බොරු කියලා නෑ, එයාට බොරු කියන්න බෑ, ඒ වගේ අවස්ථා තියෙනවා, අපි දෙන්නා කතා කරලා විසඳ ගත්ත අවස්ථාවල් තියෙනවා, සමහර වෙලාවට මට හිනායන දේවලුත් තියෙනවා, මම දන්නවා දිනේෂ් එතනට ගියේ ඇයි කියලා, ඉතින් අපි නිතරම කතා කරලා ප්‍රශ්න විසඳගන්න නිසා අපි අතර ගැටුම් ඇතිවෙන්නේ නෑ”

ඉතින් අපේ මේ ප්‍රශ්නයට දිනේෂ් දුන්නේ මේ වගේ පිළිතුරක් ”අවුරුදු කිහිපයකට කලින් මට උන හැදුනා මම බෙහෙත් ගන්න ගියේ නෑ, ඒ වෙලාවේ මෙයා මගේ ළඟටම වෙලා මට ඔක්කොම ආවතේව කළා, ඒ වෙලාවේ ඇත්තටම මට ගොඩක්ම දුකයි, මම එච්චරටම අසරණ වුනා ඒ උන හැදුන වෙලාවේ, හැබැයි එයා මට පොඩ්ඩක්වත් තනිවෙන්න දුන්නේ නෑ එයා මට අම්මා කෙනෙක් වගේ මාව බලාගත්තේ,

එයා කරපු සමහර දේවල් කියන්න පුළුවන් ඒවා නෙවෙයි, සාමාන්‍යයෙන් මට ආදරේ කරන ගොඩක් ගෑනු ළමයි කතා කරනවා, ඉතින් එහෙම කතා කරන කෙනෙක් එයාගේ හස්බන්ඩ්ට කියලා තියෙනවා දිනේෂ් එක්ක එෆෙයා එකක් තියෙනවා කියලා, ඉතින් ඒ හස්බන්ඩ් මගේ වයිෆ්ට කතා කරලා තියෙනවා, මෙයා දන්නවා මගේ ෆේස්බුක් එකේ ගොඩක් දේවල් මගේ ළඟ මෙයාට රහස් නෑ, හොර නෑ, හොඳ වෙලාවට ඒ ප්‍රශ්නය එහෙම්ම විසඳුනා, නැත්තන් ගෑනු කෙනා කරපු වැඩේ නිසා අද අපි දෙන්නා ඩිවෝස් වෙලා”

Related Posts

Leave a Reply

Your email address will not be published.