Sat. May 21st, 2022

නෙත්මි රොෂෙල් රොජර්ස් කියන්නේ මේ වෙනවිට ලංකාවේ ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්. දෙරණ නාලිකාවේ විකාශය වන දෙවැනි නම ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයින්ගේ ආදරයට පාත්‍ර වුණ ඇය මේ වන විට බොහෝ දෙනෙකුගේ හිත් දිනා ගෙන අවසන්. ඉතින් අපි හිතුවා ඇයත් සමග කතා කරන්න. මේ තරම් කාලයක් ගෙවපු ජීවිතේ ගැන ඔබ මොකද හිතන්නේ, ගෙවුන ජීවිතය ගැන කියන්න ලොකු කතන්දර මට නැහැ. මොකද මම තවම රඟපාල තියෙන්නේ ඉතාම සීමිත සංඛ්‍යාවක්.

දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ රඟපාන නිසා මම වෙනත් කිසිම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැහැ. කොහොම වුණත් මට මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වය ගැන මම නිහතමානීව සතුටු වෙනවා. මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක මගේ රංගන කටයුතු මම සමබරව කරගෙන යනවා. කොහොම වුනත් මම හිතනවා මගේ උත්සාහය නිසා මම දවසක ජීවිතය ජය ගනීවි කියලා. මට නොහිතපු විදිහට ජීවිතේ හැම දෙයක්ම සුන්දර ලෙස ලැබෙනවා. ඒ තමා මම ජීවිතයේ දැකපු හොඳම දේ.

දෙවෙනි ඉනිමේ ඔබ මුලින්ම රඟපෑ කොටස ගැන මතක් කළොත්, මට මුලින්ම රඟපාන්න ලැබුණේ වාහනයෙන් බැහැලා කාර්යාලයට එන කොටසක්. ඒ තප්පර ගානකින් මම ජනප්‍රිය වුණා.දෙවනි ඉනිම ටෙලි නාට්‍ය රඟපාන ඕනම කෙනෙක් ජනප්‍රිය වෙනවා. මොකද මිනිසුන් කොච්චර බැන්නත් ඒ කතාව අසාවෙන් බලනවා.

ඔබේ පාසල් කාලය ගැන මතක් කළොත්, පාසල් යන කාලේ ඉදන්ම මම ආස කළා අවුරුදු කුමාරි කිරුළු දරන්න. හැබැයි පාසල් කාලේ මට එවැනි දේකට අවස්ථාව ලැබුණේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගය කරන කාලේ බාහිර වැඩවලින් මම ගොඩක් ඈත් වුණා. මාව බතලියක් වගේ මහත් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා අවුරුදු කුමාරි වන තරගය අමතක කරලා කැම්පස් යන්න තීරණය කළා.

ආක්ෂාට රසිකයින්ගෙන් ලැබෙන ආදරය කොහොමද,ඇත්තටම හිතාගන්න බැරි තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මුලින් නම් හැමෝම හිතුවේ මම හරි ආඩම්බරකාරියක් කියලා. හැබැයි මාව දන්න අය දන්නවා මම කොයි වගේ චරිතයක්ද කියලා. මුලදි මම නපුරු චරිතයක් නිසාම ප්‍රේක්ෂකයින්ගෙන් බැනුම් අහලත් තියෙනවා. හැබැයි දැන් ගොඩක් අය මට ආදරේ කරනවා.එයාලා ආක්ෂා කියන චරිතය ආදරයෙන් වැලදගෙන තියෙනවා. මාත් එක්ක සෙල්පි පවා ගහනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *