Tue. May 17th, 2022

ක්ලිටස් මෙන්ඩිස් කියන්නේ මෙරට දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහුගේ දක්ෂතාවය ගැන රසිකයන්ට කිසිදු සැකයක් නැත. එයට හේතුව ඒ රගපෑම ඒ තරම් විශිෂ්ටයි. ඉතින් මේ සූදානම ඔහු ගැන කතා කරන්න. ඔහුට වේදිකාව පුංචි තිරය සිනමාව ආධුනික නම් නැත. සම්මාන රැසකට ද ඔහු ගේ නම පාත්‍ර වූ බව කිව යුතුමයි. මේ වන විට ඔහු චිත්‍රපට දෙසීයකට වඩා සිය දායකත්වය ලබාදී තිබෙනවා. නිරන්තරයෙන් දකින්න නොලැබුණත් මේ චරිතය කිසිදා රසිකයින්ගේ හදවතේ මැකී නොයන චරිතයක් නිසාම අපි හිතුවා ඔහුට ලැබෙන රසික ආදරය ගැන කතා කරන්න, මට එදා වගේම හිතාගන්න බැරි විදියට ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර තවමත් අඩුවක් නැතුව ලැබෙනවා. මම ලෝකෙ කොයි රටකට ගියත් මාව දන්න අය මගේ ළඟට ඇවිල්ලා ආදරෙන් මම වැළඳගෙන කතා කරනවා. ඒ ලැබෙන හැම ආදරයක්ම මම සතුටින් බාරගන්නවා. වෙලාවකට ඇත්තටම මේ ලැබෙන ආදරේ හදවතට දරන්න බැරි සතුටක් තමයි මට ගෙනල්ලා දෙන්නේ. මම හිතනවා මම ගොඩක් වාසනාවන්ත රංගන ශිල්පියෙක් කියලා .

ඔබට ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ දීත් මේ වගේම රසික ආදරයක් පිලිගැනීමක් තිබුනද, ”නැහැ.මම කලාවට පිවිසෙන්නේ 1975 වර්ෂයේදී. ඒ තට්ටුමාරු කියන වේදිකා නාට්‍යයෙන්. ගොඩක් වෙලාවට මම ප්‍රේක්ෂකයින් අතරට ගියේ විරාගය රජ දරුවෝ කඩුල්ල කියන චිත්‍රපටය හරහා. එතනින් තමා මම ටිකක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. සිනමාවට ආව මුල් කාලේ මට ගොඩක් දුරට ලැබුණේ දුෂ්ට චරිත. ඉතින් මට රසික ආදරේ නම් ඒ කාලේ ලැබුණේ නැහැ ගොඩක්. වෙලාවකට මට සමහරු බනිනවා අන්න අරූ යනවා කියලා. දුෂ්ට චරිත කරද්දි ප්‍රේක්ෂකයෝ මට ආදරේ කරපු ප්‍රමාණය අඩුයි. හැබැයි කොච්චර කවුරු මට මොන දේ කිව්වත් මගේ දක්ෂතාවය අදුර ගත්ත අය මට ආදරේ කරන්න පටන් ගත්තා. මම තරුණ කාලේ මට වඩාත් හොඳ ප්‍රතිචාර තරුණියන්ගෙන් පවා ලැබුණා. කෙටියෙන්ම මට විවාහ යෝජනා 50කට වැඩියෙන් ආවා. කඩවසම් බව අතිනුත් ඒ කාලේ ජනප්‍රිය චරිතයක් තමයි මම.

ඔබේ බිරිඳ ඔබව තෝරගන්නේ ඔබේ ජනප්‍රියත්වයෙන් නිසාද, අපොයි නැහැ. කෙටියෙන්ම ඇය බය වුණා ප්‍රසිද්ධ නළුවෙක් විවාහ කරගන්න. නමුත් මම ගැන ඇගේ මව පියා දන්න නිසාම අපේ විවාහය සිද්ද වුනා. අදටත් අපි දෙන්නා ගොඩක් සතුටින් ජීවත් වෙනවා. මං හිතන්නේ ඇගේ තේරුම් ගැනීම සහ ඇගේ මඟ පෙන්වීම තමයි මගේ ජීවිතය වඩාත් සාර්ථකත්වයට ගෙනාවේ කියලා. සමහරවිට ඇය මට මුණ නොගැසෙන්න මම මේ තරම් දක්ෂ රංගන ශිල්පියෙක් නොවෙන්න තිබුනා.

ඔබ ආදරේ කියන දේ දකින්නේ කොහොමද, ජීවිතය සුන්දර කරන දෙයක්. හැබැයි ඇසට නොපෙනෙන ලෝකෙ තියෙන බලවත්ම දේ තමා ආදරේ. මම හිතන්නේ ආදරේ කියන දේ අපි අවංකව උත්තරීතර ව තව කෙනෙකුට දෙනවනම් අපිට ඒ ආදරේ පෙරලා අනිත් පැත්තට ලැබෙනවා. ආදරේදි අපි ලෝභ වෙන්න හොඳ නැහැ.

විනෝදාංශයක් විදිහට ම මොකද කරන්නේ, ගොඩක් වෙලාවට මම කරන්නේ මට විවේකයක් ලැබුණ හැම වෙලාවකම මගේ බිරිඳ මගේ දරු මුනුබුරෝ එක්ක එළියට ගිහිල්ලා සතුටු වෙන එක. ඉස්සර නම් මම රට රටවල කාසි විනෝදාංශයක් විදිහට එකතු කරා. තරුණ කාලේ ෆුට් බෝල් විනෝදාංශයක් විදිහට කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *