Fri. Jan 28th, 2022

චරිතාංග නිළියක්. එඩිතර කාන්තාවක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. බොහෝ දෙනෙක් ආදරේ කරන නිහතමානි කලා තරුවක්. නමින් දුලිකා මාරපන. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් රසික ආදරය දිනාගෙන ඉන්න ඇය බොහෝ දෙනෙක් ආදරේ කරන නිළියක් කිවොත් හරි. සිරස ටි.වි. තුළ විකාශය වෙන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය තුළින් ඉතා ආදරණිය චරිතයක් වන ඇය ප්‍රතිභාපුර්ණත්වය ඉදිරියේ තම ලියා අවසන්. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඇය ගැනකතා කරන්න.

දුලිකා කියන්නේ ජිවිතේ කැපකිරිම් කරපු කෙනෙක්ද, අපිට ජිවිතේට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන් අපි ඒ වෙනුවෙන් දෙයක් කැප කරන්නම ඕනි. ඒ වගේම අපි යම් කිසි විෂයක් ⁣⁣තෝරගන්නවනම් අපිට ඒ ගැන නිසි පුහුණුවක් ඕනි. ඒ පුහුණු විමට කාලයක් ඕනි. යම් කිසි හැදෑරිමක් නොකර ජිවිතේ ඉස්සරහට යන්න හරි අමාරුයි. පුංචි කාලේ ඉදලම කැපකිරිම් කියන දේ පුරුදු වුන කෙනෙක් මම.

ප්‍රථම ප්‍රේමය ගැන කතා කලොත්, ඇත්තටම මට එක්තරා කාලයක් තිබුනා ප්‍රේම ආරාධනා ගලාගෙන ආව. එහෙම ආව ආරධනාවකට හිතත් ගියා. හැබැයි අපි කාලේ ආදර කතා අද තියෙන ආදර කතා වගේ නෙවෙයි. මොකද අපි ආදරේ කලේ කවි නිසදෙස් හා බැදුන සාහිත්‍ය එක්ක. හැබැයි අද සමාජයේ ආදරය කියන දේ ගොඩක් වෙනස්. මම අදටත් කල්පනා කරනවා ඇත්තටම ප්‍රථම ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා. ප්‍රථම ප්‍රේමය ඇත්තටම සුන්දර දෙයක් කියලයි මම හිතන්නේ.

ආදරය ගැන කතා කලොත්, ”මම සුජිව එක්ක ගත කරන ජිවිතය තමයි ආදරය විදිහට මම දකින්නේ. ඊටත් වඩා ඒ ආදරය පමාවෙලා මගේ ජිවිතේට හරිම විදිහට ලැබුන ආදරයක්. සුජිව කියන්නේ මාව හොදට තේරුම් ගත්ත කෙනෙක්. ඉතින් ඒ තේරුම් ගැනිම නිසාම අපි ගොඩක් ආදරෙන් අපේ ජිවිතේ ගත කරනවා. අපි අතරේ තියෙන්නේ සුන්දර ආදරයක්. අපිට නිති නෑ රංඩු නෑ දෙන්නම සරලව ජිවත් වෙනවා.අනිත් කෙනාගේ අදහස් වලට ගරු කරනවා. අනිත් කෙනාගේ අදහස් වලට ඇහුම්කන් දෙනවා. මම හිතන්නේ ආදරය කියන්නේ දෙන්නෙක් අතරේ තියෙන අවබෝධය.

ඔබ ඔබව දකින්නේ කොහොමද? ”මට මාව අර්ථකථනය කරන්න බෑ.මම හිත⁣න්නේ මේ ලෝකේ කාටවත් තමන්ට තමන් මේ වගේ කියලා කියන්න බෑ.අපි වටේ ඉන්න ගොඩක් අය අපිට චරිත සහතික දෙනවා. හැබැයි ඒ චරිත සහතික දිහා බලද්දි ඒ මමද කියලා මටම හිතෙනවා ඒ කොහොම වුනත් මම දුලිකා මාරපන විදිහට ජිවත් වෙන්න කැමති කෙනෙක්. ඒ මගේ විදිහ.”

ජිවිතේ ඉලක්ක තියෙනවද? ”ඔව් මම පොඩි කාලේ ඉදන් ජිවිතේ ඉලක්ක දැකපු කෙනෙක්. මම හිතන්නේ ඕනිම කෙනෙකුට ඉලක්ක කියන දේ තියෙන්න ඕන. මම හැමදේකින්ම ජිවිතේට අලුත් අලුත් අත්දැකීම් ලබාගන්නවා. ඒ ඔස්සේ අලුත් ඉලක්ක මම ජිවිතේට එකතු කරගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *