ඒ ආදරය මට වචනයෙන් විස්තර කරන්න බෑ – නයනතාර වික්‍රමාරච්චි

කලා ලෝකයේ හැමෝගෙම අවධානය දිනාගන්න වගේම ප්‍රේක්ෂක හදවත් ඉතාම ඉක්මනින් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ, කාලයක් කළා ලෝකයේ නිරතවෙලා හිටියත් නයනතාරා හැමෝම හොඳින් හඳුනාගන්න සමගත් වෙන්නේ ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාය හරහා ඒ එම නාට්‍යයේ දෙවුමිගේ චරිතයට පන පොවමින්, අදටත් නයනතාරාට බොහොමයක් අය කතා කරන්නේ දෙව්මි කියලා. ඒ තරන්ම ඒ චරිතය හරහා ඇය ප්‍රේක්ෂක හදවත් වලට සමීප වෙන්න සමත් වුනා, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන දෙවුමි සමග,

ඉතින් දෙවුමි කොහොමද? මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් විශේෂ දෙයක් නෑ, බාරගත්ත නිර්මාණ වලට සම්බන්ද වෙලා ඉන්නවා, ඒ වගේම පහුගිය දවසක මම රංගන දායකත්වය ලබාදුන්න ෆිල්ම් එකක් රිලීස් වුනා, ඒ ෆිල්ම් එකේ නම ‘සිනේමා’ පහුගිය කාලයේ සිදුවුන සිදුවීම් නිසා ෆිල්ම් එකකට සම්බන්ද වෙන්න බැරිවුනා, ඉතින් එහෙම ඉඳලා තමයි මේ ෆිල්ම් එකට සම්බන්ද වුනේ,”

අද කාලයේ නිර්මාණය වන චිත්‍රපට ගැන මොකද හිතෙන්නේ ”ඇත්තෙන්ම හොඳයි, ඒ වගේම හොඳ ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලා තියෙන එකත් ගොඩක්ම හොඳයි, මොකද ලංකාවේ කියන්නේ ඉතිහාසයේ හොඳ සිනමාවක් තිබ්බ රටක්, දැන් තරමක් මේක කඩාවැටිලා වගේ තියෙන්නේ, ඉතින් හොඳ නිර්මාණ කරුවන් ප්‍රවීනයන් එක්ක මේ ක්‍ෂේත්‍රයට හොඳ නිර්මාණ බිහිකරන්න ඕන කාලයක් මේක,”

දැන් නයනතාරා ආදරවන්තියක්ද? ”මම ආදරේ ලබන්න කැමති ආදරේ ලබන කෙනෙක්, මම පොඩි කාලේ ඉඳන්ම මේ වනතෙක්ම විතරක් නෙවෙයි ඉදිරියටත් අම්මගේ තාත්තගේ වගේම මගේ අක්කගේ ආදරය ලබනවා, ඒ වගේම මම මගේ ප්‍රේක්‍ෂකයන්ගේ ආදරෙත් ලබනවා, මගේ අක්කා මට වඩා ලස්සනයි එයා මධුෂිකා, ඉතින් ඒ වගේ ලැබෙන ආදරේ මට ඇති, ඒ ආදරය මට වචනයෙන් විස්තර කරන්න බැරිතරම් වටිනවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.