Sat. May 21st, 2022

සුර්යා දයාරුවන් කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු මේ දිනවල හිරු ටීවී නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍ය හරහා රසිකයින්ගේ ආදරේ දිනා ගෙන තියෙනවා. ඉතින් මේ සූදානම ඔහු ගැන කතා කරන්න. ඔබට දේශපාලනයට එන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ ඒ අවස්ථා භාරගන්නවද, මම උසස් පෙළට දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තා.කාලයක් නිතිය ගැන ඉගෙන ගත්තා. මගේ එකම ආසාව පෞද්ගලික දේශපාලනය විතරයි. මට ඒ දෙයින් සමාජයට යම් කිසි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතිහාසයේ ඉඳන්ම මේ රටේ දේශපාලනය කියන දේ නිසා රටට දෙයක් කරන්න හරි අමාරුයි. දේශපාලනඥයෙක් විදියට මේ රට යහපත් මාර්ගයකට ගන්න හරි අමාරුයි. ඒ ගොඩට වැටුනා කියන්නේ අසූචි ගොඩකට වැටුනා වගේ තමයි. මම කැමති නෑ ඒ අසූචි වලට වැටෙන්න. පෞද්ගලික දේශපාලනය කරලා සමාජයට මිනිසුන්ට උදව් කරලා ඒ ලබන සතුට එක මම ජීවත් වෙනවා.

ඔබට සියලු දේ අතහැරලා ආපහු ගමට යන්න සිද්ධ වුනොත්, ”මම හරි ආසාවෙන් ගමට යනවා. මගේ ගම පොලොන්නරුව. අදටත් මම ලෝකයේ වැඩියෙන්ම යන්න කැමති තැන මගේ ගම. මගේ ගම මගේ ගෙදර තරම් ආරක්ෂිත තැනක් මට තවත් නැහැ. ඒ ගමේ ඒ ගෙදර ලැබෙන නිදහස වෙන කොතැනදීවත් මට දැනෙන්නෙ නැහැ. මට මේ හැමදේම අතහැරලා ගමට යන්න පුළුවන්. අතේ එක රුපියලක් නැතුව ගෙදරට ගියත් එදා වගේම ඒ හැමෝගෙම ආදරේ වෙනසක් නැතුව මට තියෙනවා. මම ඒ ගැන විශ්වාස කරනවා.”

නොකරපු වරදකට ඔබට දඩුවම් විදින්න සිද්ද වුනොත්, ”ඒක තම තමන්ගේ කර්මය.මේ ආත්මයේ නම් මම කාටවත් දැනුවත්ව වරදක් කරලා නැහැ. ඒ නිසා යම් කිසි දෙයක් සිද්ධ වුණොත් ඒක මට භාරගන්න සිද්ධ වෙනවා. මම නොකරපු වරදකට කවුරුහරි මාව වැරදිකාරයා කලොත් මට ඒ වැරැද්ද නිවැරදි කරන්න සාක්ෂි නොතිබුණොත් මට ඒ වරද භාරගන්න සිද්ධ වේවි. හැබැයි සොබාදහම විසින් කාලයත් එක්ක මම වැරදි නොකරපු නිසා මට සාධාරණය ලැබේවි .කොහොම වුනත් හැමදේටම හිත හදා ගන්නවා.”

හිතපු නැති වෙලාවක ඔබට කලාවෙන් සමුගන්න සිද්ධ වුනොත්, ”එහෙම දෙයක් සිද්ධ වුනොත් මම හරි ආදරෙන් හැමෝගෙන්ම සමු ගනීවි. මේ ක්ෂේත්‍රයට මම අහම්බෙන් සම්බන්ධ වුණ කෙනෙක්.මම හිතනවා ඒ අහම්බෙන් ලැබුණු අවස්ථාව මම හරියාකාරව නියම විදිහට පාවිච්චි කලා කියලා. මම මට පුළුවන් විදිහට ප්‍රේක්ෂකයින් සතුටු කරලා තියෙනවා. ඒ නිසා කිසියම් විශේෂ හේතුවකට මට කලාවෙන් සමුගන්න කිව්වොත් මම කිසිම පැකිලීමක් නැතුව දෙපාරක් නොහිතා සමුගන්නවා. මම මට පුළුවන් විදිහට කලාවට හොඳ දෙයක් කරලා තියෙනවා. පුළුවන් විදියට මම රසිකයින්ගේ හදවතේ රැඳෙන චරිත වෙන්න උත්සාහ කලා. මම විශ්වාස කරනවා මම කලාවෙන් සමු ගත්තත් මගේ සමහර චරිත රසිකයින්ගේ හදවතේ රැඳේවී කියලා.”

ජීවිතේ ආපස්සට යන්න අවස්ථාවක් ලැබුණොත්, ”ඇත්තටම මම ආපස්සට ජීවිතයේ යන්න කැමති නැහැ. මට ආපස්සට යන්න ඕන කියලා වයසකුත් නෑ. මේ ගෙවෙන හැම තත්පරයකම මම කැමැතියි ඉස්සරහට යන්න.පුංචි කාලේ ඉඳන්ම මම හැම දෙයක්ම ආදරෙන් වින්ද කෙනෙක්.අධ්‍යාපනයෙන් වුණත් මම මට පුළුවන් හැම දෙයක්ම ළඟා කරගත්තා. මට හැමෝගෙම ආදරය ලැබුනා. ජීවිතයේ හැම දේම ඕනම කාලෙට සිද්ධ වුණා. ගමේ තිබුණ සුන්දරත්වය නගරේ තිබුන කාර්යබහුලත්වයත් එක්ක මම ජීවිතේට හුරු වුණා. ඉතින් මට කවදාවත් ජීවිතේ ගෙවුන කාලෙට යන්න වුවමනාවක් නැහැ. ජිවි⁣තයේ ඉදිරියට යන්නයි ඕන.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *