Tue. May 17th, 2022

කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සුජානි මේනකා කියන්නේ. කාලයක් නිහඬව හිටපු මේනකා වසර දෙකකට පස්සේ ‘පොර්ක් වීඩිය’ ටෙලිනාට්‍යට සම්බන්ද වුනා. කොහොම වුනත් මේ වනට එම නාට්‍ය විකාශනය වෙලා ඉවරයි. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ජනප්‍රිය නිළියක වන සුජානි මේනකා සමග. සුජානි මොකද කරන්නේ මේ දවස්වල ”පෞද්ගලික ජීවිතයේ නම් ලොකු වෙනසක් නැහැ. පොර්ක් වීදිය නාට්‍යය විකාශනය වෙලා අවසන් වුනා. ඊට අමතර ගෝල්ෆේස් එකේ තියෙන අරගලයට සහබාගී වෙනවා. ලංකාවේ මේ වගේ අරගලයක් සිදුකරන්නේ පලවෙනි වතාවට, ඉතින් ඒ දේවල් වලට සහය නොදී ගෙදරටවෙලා ඉන්න මට බෑ”

කාලයක් නිහඬව ඉන්න තීරණය කලේ ඇයි බිමල් තහංචි දැම්මද ”මට අවුරුද්දක් දෙකක් විවේක ගන්න ඔනවුනා, මොකද මම එකදිගට කාලයක් නිවාඩුවක් ගන්නේ නැතුවම මම වැඩ කළා. ඉතින් මම පෞද්ගලික ජීවිතයට තැන දෙන්න හිතුවා. ඉතින් ඒ දවස්වල මම වැඩ වලට කතා කලත් ඒවාට උත්තර දුන්නේ නෑ. එහෙම නැතුව බිමල් මට තහංචි දාන්නේ නෑ. බිමල් මාව හොඳට හඳුනනවා. ඒ නිසා එයා මට කිහිම දෙකට බලපෑම් කරන්නේ නෑ. ඇත්තම කියනවනම් බිමල් මට කවමදාවත් කිසිම දේකට තහංචි දාලා නෑ”

ඉතින් මේ වනවිට අරගලය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන සුජානි වත්මන් තත්වය පිලිබඳ විවිද සටහන් ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරනවා ඒ අතරින් ඇය පසුගිය දිනක සිදුවුණ අගමැති මාරුවීම පිලිබඳ තබා තිබු සටහන තමයි මේ ”ඔවුන් නිතරම සෙල්ලම් කරනවා අප දැක ඇත. එවිට ඔවුන් සෙල්ලම් බඩු විදිහට පාවිච්චි කරන්නේ අහිංසක මහජනතාව වන අපය. කෙසේනමුත් අපේ අරගලය Gota Go Home අපේ ප්‍රචන්ඩත්වයෙන් තොර අරගලයේ ජයග්‍රහණය එදාට අත් විදිය හැකිය. විජයග්‍රහණය ඉන්පසු අපි ලබා ගන්නෙමු. Go Gota Go Home” කියලයි. ඉතින් ඇයගේ රසික රසිකාවියන් හැමෝම මෙම කතාව අනුමත කරලා තිබ්බා. සුජානිගේ මේ කතාව පිලිබඳ ඔබට හිතෙන්නේ කුමක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *