Sat. May 21st, 2022

මිස් ශ්‍රී ලංකා තරඟය ජයග්‍රහණය කලාට පස්සේ ඇය මුලින්ම රංගන දායකත්වය දුන්නේ ගීතාංජන කොස්තාගේ කළා නිර්මාණයකට. පසුව ඇය ‘බෝනිකර තරු’ ටෙලිනාට්‍යයේ තමරාගේ චරිතයට පන පොවනවා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇය නමින් දෙව්මිණි තත්සරණි, අද අපේ කතාබහ ඇය සමගයි. දෙව්මිණි කියන්නොකෝ ඔයා ගැන විස්තර ටිකක් ”මම නුවර පිළිම තලාවේ මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි මමයි. අපි හතර දෙනා ලොකු බැඳීමකින් ඉන්නේ. තාත්තා ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක්.”

රූ රැජින තරගයට තරඟ කරග්න හිතුවේ ඇයි ”රූපාලාවණ්‍ය අංශයට ආසා නිසා ඒ අංශයේ ඉගෙන ගන්නා අතරේ රූපලාවන්‍ය ප්‍රසංගවලදී මට නිරූපනයට යොමුවෙන්න අවස්තාවක් ලැබුනා ඒ අවස්තාව මට දුන්නේ ඩීස්ටෝන් කොලේජ් එකේ මිස් ප්‍රමිලා. එයා මාව දැකලා ඔයා හොඳට නිරූපනය කරන්න පුළුවන්නේ ඒ නිසා මිස් ශ්‍රී ලංකා තරඟය අයැදුම් කරන්න කිවුවා. එහිදී අන්තිම 12ට තේරුනා, කොහොම හරි 2019 වසරේදී සියත මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගන්න පුළුවන් වුනා,

රෑ රැජින වුනාට පස්සේ මොකද කලේ? ”ඊටපස්සේ ඉතින් ක්‍ෂේත්‍රයේ වැඩ කරගෙන හිටියා. ඒ අතරේදී සියතේ වැඩ කරන්න අවස්තාවක් ලැබුනා, ඒ වැඩ සහ නිරූපනය කරගෙන ඉද්දි තමයි ටෙලිනාට්‍ය වලට ආරාධනා ලැබුනේ. දැන් දිගටම ආරාධනා එනවා ටෙලිනාට්‍ය වලට”

හැමෝම වගේ කියනවා දෙව්මිණි කියන්නේ ආඩම්බරකාර චරිතයක් කියලා ඇත්තද ඒ ”අනේ මම එහෙම නෑ මම බොහොම පාඩුවේ ඉන්න කතාව අඩු චරිතයක්. මම දන්නා හඳුනන අය එක්ක හැර වෙන අය එක්ක වැඩිය කතාවට යන්නේ නෑ ඒක මගේ ලොකු කමවත් පණ්ඩිත කමවත් නෙවෙයි, ඒ මගේ හැටි ඉතින් මම ඉල්ලනවා ඒ වගේ දේවල් නිසා මගෙත් එක්ක තරහා වෙන්න එපා කියලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *