Tue. May 17th, 2022

උදාරි වර්ණකුලසූරිය කියන්නේ අපේ රටේ සිටින දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්. තම දරුවා ස්වාමියා සමඟ සතුටින් ජීවත් වන ඇය මේ වන විට සිංගප්පූරුවේ ජීවත් වෙන්නේ මෙරට රසික ජනතාවට ඇගේ දක්ෂතාවය නැරඹිය හැකි නිර්මාණ රැසකට සහභාගීත්වය ලබා දීලා. කොරෝනා වසංගත සමයේ ඇය සිය නිර්මාණශීලීත්වය සමාජගත කළේ කොරෝනා අභියෝගයට මුහුණ දෙමින්. මුලින්ම ඒ නිර්මාණ ගැන මතක් කළොත්, මම චිත්‍රපට 8 ක රූගත කිරීම අවසන් කලා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද, ‘ලංකා වගේ රටකින් මිදිලා වෙනත් රටකට යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.අන්තර්ජාතික වශයෙන් නමක් දිනා ගන්න මම කැමතියි. හොඳම නිළිය සම්මානය ගන්නත් මම කැමැතියි. පෞද්ගලික ජීවිතය ඇතුලේ මම මගේ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා.’

ඔබේ ජීවිතය ඔබේ ගමනට බාධාවක් නොවන ස්වාමියෙක් ලැබුණද, ‘මට මගේ ස්වාමියා මුණගැහෙන්නේ අවුරුදු 19දී. පායා එන්න හිරු සේ චිත්‍රපටය තිරගත වන විට මම විවාහ වෙලා ඉන්නේ. මේ චිත්‍රපටය අතරතුර තමයි මට ඔහු මුණ ගැහෙන්නේ. මම ජනතාව අතරට යන මුල්ම කාලෙ මම විවාහකයි. මම හිතන්නේ මම විවාහ වීම මගේ ජීවිතයේ වාසනාව වුණා. ඔහු වෘත්තිමය වශයෙන් වෛද්‍යවරයෙක්. ඔහු ඔහුගේ රාජකාරි වල නියැලෙමින් මටද උදව් කරනවා. පියෙකු වශයෙන් ඔහු අපේ පවුලට ලොකු කැපවීමක් කරනවා.’

ඔබ ටෙලිනාට්‍ය අතහැරපු රංගන ශිල්පිනියක් නේද, ‘ඇත්තටම මම ටෙලිනාට්‍ය අතහැරලා නැහැ. හැබැයි මම ටෙලිනාට්‍ය බාරගන්න එක තාවකාලිකව නතර කරයි. ඒකට හේතුව චිත්‍රපටි අටකට මම සම්බන්ධ වෙන නිසා. මාව ප්‍රේක්ෂකයින්⁣ට වෙනස් විදිහකට දකින්න ඕන නිසා මම ටෙලිනාට්‍ය වලින් අයින් වුණා. ඒකයි තීරණය. නැතුව මම ටෙලි නාට්‍යය අතහැරලා නැහැ.’

ක්ෂේත්‍රය තුළ ඔබව දකින්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන් නේද, ‘ඇත්තටම ඒක හරි. ජනප්‍රිය උනහම නිරන්තරයෙන් දකින්න ලැබෙන්න ඕන කියලා මිනිසුන් තමයි හිතන්නේ. මම අද වෙනකම් රූගත කිරීම් වලට සහ සම්මාන උළෙලකට අමතරව වෙන කිසිම තැනකට ගිහින් නැහැ. මළ ගෙවල් මඟුල් ගෙවල් කිසි දේකට මම යන්නේ නැහැ. මම ඒ අන් අයට දොස් කියන්නෙත් නැහැ. හැබැයි මම එහෙම නොගිය කියලා මට රසිකයින්ගේ ආදරය අඩු වෙලා නැහැ.මගේ එකම යාලුවෝ මගේ සැමියා සහ මගේ දුව.’

උදාරි නිලියක් වෙනවට ගොඩක්ම ආස කලේ උදාරිගේ තාත්තා නේද..? ‘ඔව් මම නිලියක් රූ රැජිනක් වෙනවට ගොදක්ම ආසා කලේ මගේ තාත්තා, මම පොඩි කාලේ ඉඳලම එයා හීන දැක්කේ මාව රූප සුන්දරියක් කරන්න. ඉස්සර මගේ පෙකණිය කපලා බුරිය උඩට එද්දී තාත්තා බුරියට සතයේ කාසියක් ගැටහලා කියනවලු මම කවදා හරි මිස් ශ්‍රී ලංකා කරනවා කියලා.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *