‘එයා මාව පිරමීඩ බලන්න එක්කන් යනවා කිවුවා’ ජනප්‍රිය නිලි පියුමි කියන කතාව

පියුමි ශ්‍රිනායක ⁣කවුරුත් දන්න අදුරන චරිතයක්. ඇය මේ ⁣දිනවල විකාශය වෙන පාර දිගේ ටෙලිනාට්‍ය තුළින් අපිට දැකගන්න ලැබෙනවා. හැබැයි අද අපි ඇය එක්ක කතා කරන්නේ කලා ජිවිතෙන් එහාට ගිය ඇය ආස Traveling ලයිෆ් එක ගැන .එක දිගට වැඩ කරලා විවේකයක් ලැබුන සැනින් පියුමි කැමති කොහේ හරි නිස්කලංක තැනක ජිවත් වෙන්න බවයි ඇය පැවසුවේ. ඒ නිසාම ඇය Travel කියන දේට කැමති බවයි පැවසුවේ. ඇය වැඩිපුරම කැමති විදේශ රටවල සංචාරය කරන්න බව ද අප හා කියා සිටියා.

පියුමි වැඩිපුරම කැමති තායිලන්තයට ලු. එයට හේතුව ඇයට නිදහසේ shopping කරන්න ලැබිමයි. ඉතින් ඒ නිසාම තායිලන්තයේ වුන සුන්දර මතක ගැන අහන්නත් අපි අමතක කලේ නෑ. “අමතක නෙවෙන සිදුවිම් නම් ගොඩන් තියෙනවා. ඒ අතරේ හොදම දේ දවසක් මම යාළුවෝ එක්ක ⁣Shopping කරන්න ගිහින් මට ආපහු හොටෙල් එක අමතක වුනා. ඉතිනි මගේ යාළුවෝ පොලිසියට පවා කියලා තමා මාව හොයාගෙන තිබුනා. තව ඉතින් අමතක නොවෙන සිදුවිම් තියෙනවා ගොඩාක් තියෙනවා”

වඩාත්ම කැමති කාත් එක්ක Travel කරන්නද? “ඉස්සරනම් යාළුවෝ එක්ක. හැබැයි දාන්නම් වැඩිපුරම ආස මගේ මහත්තයා එක්ක ඇවිදින්න. මොකද එයත් ඇවිදන්න ආස කෙනෙක්. අපි ඇවිදන්න යන්නේ කොහොමත් ඇවිදින්න ආස අය එක්ක. නැත්නම් ඒ ගමන කිසිම තේරුමක් නෑ. ගමන පටන් ගත්ත ගමන් බෑ කියාගෙන යන ගමනේ කිසිම විනෝදයක් නෑ”

ළඟදි Traval කරන්න හිතාගෙන ඉන්නේ කොයි වගේ තැනකද? ”මම ගොඩක්ම ආසයි ඊජිප්තු යන්න. මොකද මම ඉතිහාස කතා වලට ආස නිසා මට පිරමිඩ බලන්න ඕන. පිරමීඩ සම්බන්ද කතා තියෙන චිත්‍රපටි බලන්නත් මම ගොඩක් ආසයි ඉතින් මහත්තයා එක්ක පිරිමීඩ බලන්න කොහොමත් මම ආසාවෙන් බලන් ඉන්නේ. එයත් පොරොන්දු වෙලා ඉන්නේ මාව එක්කන් යනවා කියලා”

Travel කියන දේ පියුමි දකින්නේ කොයි වගේ විදිහටද? “මම දකින්නේ මනස සැහැල්ලු කරන ලොකුම දෙයක් විදිහට. මොකද අපිට තියෙන ප්‍රශ්න පවා අමතක වෙනවා. ඒක මම අත්දැකිමෙන් දන්නවා. ඒකයි මම විවේකයක් ලැබුන සැනින් ඇවිදින්න යන්න කැමති. එහෙම ඇවිදලා ආයේ වැඩකට යද්දි හිතට දැනෙන්නේ ලොකුම සැනසිමක්. ඒ නිසා මම හිතන්නේ Travel කියන දේ මනුෂ්‍යයෙකුට අත්‍යවශ්‍ය දෙයක්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *