‘එයා මාත් එක්ක ආවෙ මට කිසිම දෙයක් නැතුව ඉන්නකොට’ – දිනේෂ් තරංග

මෑත කාලයේ ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුන ගීතයක් තමයි ‘හැදුනද රිදුනද හිත මාගේ’ කියන ගීතය. ඒ වගේම තමයි මෙම ගීතය මේ වනවිට නැරඹුම් වාර මිලියන 5ත් පහුකරලා. ඉතින් අපි අද කතාකරන්න සුදානම් වෙන්නේ මෙම ගීතය ගායනා කරන ගායකයා වන දිනේෂ් තරංග සමග. ඉතින් දිනේෂ් කොහොමද මේ දවස්වල ජීවිතේ ”කියන්න තරම් විශේෂයක් නෑ. තෙල් පෝලින් වලට වෙලා අනිත් සාමාන්‍ය ජනතාව වගේ තමයි. ඒ වගේම පසුගිය දවසක කරපු ගීතයක් වයිරල් වුනා ඒ ගැන ගොඩක්ම සතුටුයි ඒ වගේම තව ගීත කිහිපයක්ම කරන්න හිතාගෙන ඉන්නවා. බලමු ඉස්සහරහට හෙමින් වැඩ ටික කරගෙන යනවා”

පහුගිය කාලයේ ටෙලිනිර්මාන හරහා රංගන ශිල්පියෙක් විදියට දැකගන්න ලැබුනා. ඉදිරියේදීත් තව නිර්මාණවලින් දකින්න ලැබෙයි ද ? ”අනිවාර්යෙන්ම, මම ඉදිරියේදීත් රංගනයට එකතුවෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම බාර ගත්ත වැඩ කිහිපයකුත් තියෙනවා. මම තරමක් කාර්යබහුල කෙනෙක් මොකද මම මගේ පවුලගැන වගේම මගේ ජීවන වෘතිය වන සංගීත වැඩ ගැන බලන්නත් ඕන නේ”

දිනේෂ් පාසල් කාලයේ ඉඳලම දිනේෂ් ගයනට දක්ෂයිද ? ”ඇත්තම කියනවනම් මම පාසල් කාලයේ කලේ චිත්‍ර විෂය. පස්සේ තාත්තා මට එක්ස්රේ කාඩ්වලින් පොඩි ඩ්‍රම් සෙට් එකක් හදලා දුන්නා. ඒක මම පොඩි කාලේ ඉඳලම ප්ලේ කළා. ඒ හැකියාව මට ඉස්සර ඉඳන්ම තිබුනා. මම සංගීතයට පසලේ දි යොමු වුණේ 1990 වසරෙදි ඊටපස්සේ මම සංගීතය දිගටම හැදෑරුවා. මගේ ඒ ගමන් මඟට තවත් ලොකු ශක්තියක් වුණේ එඩ්වඩ් ජයකොඩි ගුරු පියණන් සහ සමන්ත පෙරේරා ගුරු පියාණන්.”

කොහොම වුනත් දිනේෂ් කියන්නේ මේ වනවිට ලංකාව හොඳින් හඳුනන චරිතයක් ගායන හැකියාව නිසා වගේම ඔහුගේ පුද්ගලික ජීවිතයේ සමහර සිදුවීම් නිසාත් දිනේෂ් හැමෝගේම අවදානය දිනාගන්න සමත්වෙලා තියෙනවා. ඒකට විශේෂම හේතුව තමයි දිනේෂ්ගේ විවාහය. මොකද දිනේෂ් විවාහ වෙලා ඉන්නේ ඔහුට වඩා තරමක් වයසින් වැඩි කාන්තාවක් සමග. ඉතින් පසුගිය දවසක දිනේෂ් ඔහුගේ මුහුණු පොතට අපූරු පින්තුරයක් එකතු කරලා තිබ්බා ඒ දිනේෂ් සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ. එම පින්තූරයට කැප්ෂන් එක ව්දියට යොදලා තිබ්බේ ‘වුරුදු 12කට කලින් එකට ගිය පළවෙනි ගමන’ කියලා. ඒ වගේම මේ පින්තූරයට දිනේෂ්ගේ රසිකයින් විශාල සංඛ්‍යාවක් ප්‍රතිචාර දක්වලා තිබ්බා ඒ වගේ ප්‍රතිචාර දක්වලා තිබ්බ කෙනෙක්ට දිනේෂ් මේ වගේ කතාවකුත් කියලා තිබ්බා ‘එයා මාත් එක්ක ආවෙ මට කිසිම දෙයක් නැතුව ඉන්නකොට! අදත් අපි එකට… ආදරේ “විතරක්” තියෙන නිසා’ කියලා.,

Related Posts

Leave a Reply

Your email address will not be published.