‘එයා ප්ලෑන් එකකට වැඩ කරන කෙනෙක්’ තීක්ෂණ බිරිඳ ගැන කියන කතාව

තාරුණ්‍ය ගායන ලෝකයේ ඔහු දක්ෂ ගායකයෙක්. නමින් තීක්ෂණ අනුරාධ. සුහදශීලී හදවතක් මෙන්ම ගායන කෞශල්‍යය ද පෙරටු කරගෙන ජීවිතයේ අඩියෙන් අඩියට ඉස්සරහට යන මොහු ගැනයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ගායකයෙක් වුනත් තීක්ෂණ කියන්නේ ආදරණීය සැමියෙක්, ඉතින් ඔබට ඔබේ ආදරණීය බිරිඳව දැනෙන්නේ කොහොමද, ”මම දන්න කාලේ ඉඳලම ඇය ජීවිතේ ගැන සැලසුමකට ජීවත් වෙන කෙනෙක්. මම රැකියාවක් කරන කාලේ ඉඳන්ම මට සල්ලි හම්බ වුනා කියලා ලොකු කෙනෙක් විවාහ කරගන්න ඕනේ කියලා මට කවදාවත් හිතිල තිබුණේ නැහැ. මම ගායකයෙක් විදිහට ජනප්‍රිය වීමත් එක මට බොහෝ තැන්වලින් විවාහ යෝජනාවක්.

හැබැයි මට ඕනෙ වුනේ කවදහරි දවසක මගේ පවුලට ගැළපෙන මට ගැළපෙන කෙනෙක් විවාහ කරගන්න. අද මගේ තේරීම සීයට සීයක් නිවැරදියි. අපි දෙන්න ජීවිතේ හොඳ තේරුම් ගැනීමක් එක්ක තමයි ඉස්සරහට යන්නේ. මම කිසිම වෙලාවක එයාට විතරක් වගකීම් පවරලා නැහැ. එයා වුණත් මාව තේරුම් අරගෙන ඉන්නේ මගේ රැකියාව එක්ක. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා ඒ වගේ බිරිඳක් මට ලැබීම ගැන. මගේ බිරිඳ මගේ ගායන ක්ෂේත්‍රයට ලොකු සහයෝගයක් දෙනවා. කියන්නම ඕනේ එයා වැඩිපුරම ආස මගේ සායම් කිරිල්ලී ගීතයට. නිරන්තරයෙන්ම එයා මාව දිරිගන්වනවා.”

ඔබ වෘත්තියෙන් ගායන ශිල්පියෙක් විතරමද, ”ගායකයෙක් විදිහට සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරනවා. මම කැමති මාව ගායකයෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂකවරයෙක් විදිහට හඳුන්වනවට. මම ටෙලිනාට්‍ය එකොළහකට විතර මේ වෙද්දි ගීත නිර්මාණය කරලා තියෙනවා. මේ හැමදේම එක්ක මගේ සංගීත කණ්ඩායම එක්කත් මම වැඩ කටයුතු කරනවා.”

ඔබ ඔබට ලැබෙන විවේක කාලය ගත කරන්නේ කොහොමද, ”මම වටා එකතු වෙලා ඉන්නේ මගේම විදිහෙ යාළුවෝ පිරිසක්. ගොඩක් වෙලාවට මගේ කාලය ගෙවිලා යන්නේ සංගීත වැඩ කටයුතුත් එක්ක. ඒ හැම වැඩකින් ම විවේකයක් ලැබුණම මම කැමති මගේ පවුලත් එක්ක ඒ විවේකය ගත කරන්න. මම පුළුවන් හැම පුලුවන් හැම වෙලාවකම මගේ පවුලට මුල් තැන දෙනවා. මගේ ජීවිතයේ වටිනාම දේ මගේ පවුල. මගේ ජීවිතයේ අංක එක මගේ පවුල. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම එයාල එක්ක එළියට ගිහින් විනෝද වෙන්න දරුවෝ එක්ක කාලේ ගත කරන්න මම කැමැතියි.

ඔබ රසිකයන් අතරට එන්නේ සිරස සුපර් ස්ටාර් හරහා. එදා හමුවෙන අය අදත් ඔබට හමු වෙනවද, ”එදා හිටපු අය එකට එකතු වෙන්න නම් ඉතාම කලාතුරකින්. සමාජ මාධ්‍ය වලින් අපි අපේ අදහස් හුවමාරු කර ගන්නවා. මලිත් ලංකාවෙත් නැහැ මේ වෙද්දි. එදා හිටපු හැමෝම අද හොඳ තැන්වල ජීවත් වෙනවා. අපි හැමෝම ජීවිතේ ඉස්සරහට යද්දි නොදැනුවත්වම කාර්යබහුල වෙලා. ඉතින් ඉස්සර වගේ එකට එකතුවෙලා කාලේ ගත කරන්න වෙලාව ලැබෙනවා අඩුයි. හදවතේ බැඳීම නම් වෙනසක් නැහැ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *