‘එයා තමයි මගේ හිස්තැන පුරවන්නේ’ සුරඟනක් වගේ හැඩකාර මාධවී කියන කතාව

මාධවි වත්සලා ඇන්තනී කියන්නේ මෙරට ජනප්‍රිය ප්‍රවින රංගන ශිල්පි ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්ද වෙනවා. ඉතින් අපි හිතුවා ඇගේ ජිවිතේ ගැන කතා කරන්න. මුලින් ඇගේ අත ගත් මිලාන් ගැන කතා කරලම අපි කතාව පටන් ගත්තා. “මගේ ජිවිතේ අප්පච්චි මල්ලිලා දෙන්න වගේම මම ගැන හිතන කෙනෙක මිලාන් කියන්නේ.

මගේ අඩුපාඩු සම්පුර්ණ කරනවා එයා. ජිවිතේ යම් හිස් තැනක් ආවොත් මිලාන් ඒ හිස් තැන පුරවනවා. ප්‍රශ්න ඉස්සරහ ඇත්තටම මිලාන් මට ලොකු හයියක්. පවුල් ⁣ජිවිතේ ඇතුලේ මගේ වෘත්තිය ඇතුලේ මිලාන් කියන්නේ ලොකු හයියක් මට. මොන තරම් ප්‍රශ්න ආවත් මම නොවැටි ඉන්න පවුලේ අය වගේම මිලාන් ලොකු ශක්තියක් දෙනවා.”

ජිවිතේ වුන දේවල් හැමදේම වුනේ හොදට නේද? “ඔව් ජිවිතේ අපිට වෙන හැම දෙයක්ම වෙන්නේ අපි කරන පව් පින් අනුව. කර්මය කියන දේ මම ගොඩක් හොදට විස්වාස කරනවා. මම කාටවත් වරදක් කරලා නැත්නම් මම වැරදි නැත්නම් මට වරදින්න හේතුවක් නෑනේ. අපි පිරිසිදු සිතින් යමක් ප්‍රාර්ථනා කරනවනම් ඇත්තටම අපිට ඒ දේ ලැබෙනවා. අපි ලොකු සැලැස්මක කොටසක්. ඇත්තටම අපි හොද නරක තෝරගෙන කරනවනම් අපිට අපේ ජිවිතේ සාර්ථක කරගන්න පුළුවන්. වුන හැමදේම ගැන මට දුකක් නෑ. වුන හැමදේම හොදටයි සිද්ධ වුනේ”

මාධවිට රසට උයන්න පුළුවන් නේද? “මම ඇත්තටම පොඩි කාලේ ඉදන් උයන්න කැමති කෙනෙක්. අප්පච්චි කියන්නේ මට ආච්චි අම්මාගේ අත් ගුණය මට පිහිටලා කියන්නේ. මිලාන් කැමති පැණි රස කෑම වලට. තව රසට හදන ඕනම කෑමකට මම කැමැතියි. මම ඉතින් විවිධ කෑම වර්ග හදනවා. ඉතින් මම හොදට උයලා දෙන ඕනිම දෙයක් මිලාන් කනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ගෙදර වැඩ අපි දෙන්නා බෙදාගෙන කරන්නේ. නිසා මට ගොඩක් පහසුයි”

Leave a comment

Your email address will not be published. Required fields are marked *