අපි හැමෝම ගොඩක් ආදරේ කරන මාද්‍ය ජාලයක් තමයි ටික්ටොක් ඉතින් ලංකාවේ ටික්ටොක් රැජින විදියට හඳුන්වන ජනප්‍රිය චරිතයක් ඉන්නවා ඒ තමයි සෙව්වන්දි නයනතාරා. ඉතින් අපි හිතුවා ඇයත් එක්ක ටිකක් කතා කරන්න. අපේ ටික්ටොක් රැජින සෙව්වන්දි ඔබගේ ටික්ටෝක් ආරම්භය සිද්ධ වුණේ කොහොමද ”ඇත්තටම මම ටික්ටෝක් කරන්න පටන් ගත්තේ 2018 අවුරුද්දෙ, ඒ කාලෙ මේ ඇප් එක ලංකාවෙ එච්චර ප්‍රසිද්ධ නෑ ‘මියුසිකලි’ නමින් තමයි මේක තිබ්බේ. ඒකාලේ වීඩියෝ දැක්කම මටත් ආසා හිතුනා වීඩියෝ කරන්න. යාළුවො දෙන්නා එක්ක තමයි මේක කරන්න හිටියේ එයාලා ලැජ්ජයි කියලා බෑ කිවුවා. ඒ කරපු මුල්ම වීඩියෝව හිතාගන්න බැරි විදියට ජනප්‍රිය වුණා.”
සෙව්වන්දි නිලියක් වුනෙත් ටික් ටෝක් නිසා නේද ? ”ඔව් හැබැයි මම ටික්ටොක් කලේ නිලියක් වෙන්න හිතාගෙන නෙවෙයි. ටික්ටොක් කරලා නිළියක් වෙන්න පුළුවන් කියලා මම ඇත්තටම හිතුවේ නෑ. නිලියක් වෙන එක සිද්ධ වුණේ අහම්බයකින්, මගේ වීඩියෝ ගොඩක් දෙනෙක්ගේ FB වල ෂෙයා වෙලා තිබ්බා ඒක දැකලා තමයි මට රඟපාන්න ආරාධනා ලැබුනේ.”
දැන් සෙව්වන්දි විවාහකයි ඉතින් දැන් සැමියත් එක්කත් ටික්ටොක් කරනවා නේද ”ඔව් හැබැයි එයා පොඩ්ඩක්වත් කැමති නෑ ටික්ටොක් කරන්න එයා ගොඩක් ලැජ්ජයි. මම එයා එක්ක ගමන් බිමන් යද්දී ටික්ටොක් වීඩියෝ කරලා දානවා. හැබැයි එයා ඒ දේවල් කරන්නේ ලජ්ජාවෙන්. මොකද ඔහු කරන්නෙ ව්‍යාපාර කටයුතුනේ ඉතින් බිස්නස් වැඩ වලට ගියාම කට්ටිය අහනවලු ටික්ටොක්වල ඉන්නවා නේද කියලා. හැබැයි මගේ නැන්දම්මා නම් මේවට ගොඩක් කැමතියි.”