Tue. May 17th, 2022

වර්ථමානයේ ලංකාවේ තරුණ ආකර්ෂණය වැඩිපුරම දිනාගෙන ඉන්න රංගන ශිල්පිනිය විදියට උදාරි වර්ණකුලසුරිය හඳුන් වන්න පුළුවන්. කොහොම වුනත් මේ වනවිට ඇය පදිංචිවෙලා ඉන්නේ සිංගප්පූරුවේ. උදාරි නිලියක් වෙලා තියෙන්නේ ඒක ඇයගේ තාත්තගේ හීනය නිසා ඉතින් ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම ඉපදීලා තාත්තා මුලින්ම මාව අතට ගත්ත වෙලාවෙත් කියලා තියෙන්නේ මම ලොකු උනාම රූප සුන්දරියක් කරනවා කියලා. මට අවුරුදු 19ක් වෙනකොටම තාත්තා තමයි මිස් ශ්‍රී ලංකා තරඟයට ඇප්ලිකේෂන් දාන්නේ. හැබැයි ඒ වෙලාවේ මට ඒ කිරුල දිනන්න බැරිවෙනවා. ඊට පස්සේ 2015 වසරේදී මම ඒ කිරුල දිනනවා,”

ඔබ මේ ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් වසර 13කට වඩා වැඩියි. ඉතින් අද ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ. ”දැන් ඉන්න තැන ගැන ලොකු වෙනසක් දැනෙනවා, බොඳ මීදුම් නාට්‍ය කරන මුල් කාලෙට වඩා දැන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා මට හිතෙනවා. දෙරණ මිස් ශ්‍රී ලංකා ඔස්සේ කලාවට අඩිය තියපු මම මුලින්ම කැමරාව ඉස්සරහට එන්නේ වෙළඳ දැන්වීමක් හරහා. මාව සිනමාවට ගේන්නේ උදයකාන්ත මහත්මයා. ඒ පායා එන්න හිරු සේ සිනමාපටයෙන්. ඇත්තටම මේ ආපු ගමන ගැන මට ගොඩක් සතුටුයි”

ඔබ ක්ෂේත්‍රයට එන්නෙම විවාහවෙලා. ඒ බැඳීම කලා ගමනට බාධාවක් ලෙස පෙනුනෙ නැද්ද? ”මට මගේ සැමියා මුණගැහෙන්නේ මට අවුරුදු 19 දි.
‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටය කරන කොටත් මම විවාහ වෙලා හිටියේ. ඒක ප්‍රේක්ෂකයන්ට ගැටළුවක් උනේ නෑ. ඒ වගේම ජනප්‍රිය නිළිය සම්මානය වසර පහක් එකදිගට ටෙලි සිනමා ක්ෂේත්‍ර දෙකෙන්ම ලැබුණා. ඇත්තටම මගේ විවාහය නිසා මට රඟපාන්න කිසිම බාදාවක් ආවේ නෑ. මගේ සැමියා වෛද්‍ය වරයෙක්. එයා එයාගේ වැඩත් කරගෙන අපේ දරුවත් බලාගෙන ඉන්නවා මට රඟපාන්න දීලා. ඇත්තටම එයා ගොඩක් හොඳ සැමියෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *