එයා අඳින ෂර්ට් එක පවා මම අරන් දුන්න ඒවා – පරණ පෙම්වතා ගැන සංජානා කට අරී

ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමාරච්චි කියන්නේ, ඉතාම කෙටි කාලයකින් හැමෝගෙම ආදරේ දිනාගත්ත සංජනා ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ, සංජානා ඔයා දැන් ගොඩක් ජනප්‍රියයි ඉතින් ඔයා චරිත තෝරාගන්නේ කොහොමද..? ”මෙහෙමයි මේ වෙනකන් මට ලැබුන හැම චරිතයක්ම මට ගැලපෙනම ඒවා, ඉතින් ඒ හැම චරිතයක්ම වගේ මම බාරගත්තා, මට ගැලපෙන්නේ නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න වෙන කිසිම චරිතයක් මට මේ වෙනකන් ලැබිලා නෑ, හැබැයි පිටපත බලලා මේ චරිතය මට කරන්න පුළුවන් කියලා හිතෙන චරිත තමයි මම බාරගන්නේ,”

සංජානා කියන්නේ වෘත්තීයෙන් රංගන ශිල්පිනියක්ද..? ”මෙහෙමයි මේ වෙද්දී මම මගේ අධ්‍යාපන වැඩ අවසන් කරලා තියෙන්නේ, මේ වෙද්දී මම නර්ථනය රංගනය සහ හඬ කැවීම නිවේදනය, නිරූපනය කියන හැම අංශයකම නියැලෙනවා, හැබැයි මම බලාපොරොත්තුවෙන් ඉන්නේ ඉදිරියේදී මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එතකන් මම වෘත්තීයෙන් කළා ශිල්පිනියක් කිවුවොත් නිවැරදියි,”

ජනප්‍රිය රංගන ශිල්පිනියන්ට ගොසිප් හැදෙනවා වැඩියි, ඒ අතරින් වැඩියෙන්ම ගොසිප් හැදුන රංගන ශිල්පිනිය විදියට ඔයාව හඳුන්වන්න පුළුවන් ඉතින් ඔයා ගොසිප් ගැන මොකද හිතන්නේ..? ”මමනම් ගොසිප් දකින්නේ ගොඩක් හොඳ දෙයක් විදියට මොකද ගොසිප්වල තියෙන්නේ ඇත්තම නෙවෙයි නේ, ඒවා බලන අය තමයි හරියට බලන්න ඕන, සාමාන්‍යයෙන් ගොසිප්වල දනාත්මක පැත්තක් සහ විනාත්මක පැත්තක් තියෙනවා ඒ අතරින් ලංකාවේ වැඩියෙන්ම තියෙන්නේ රිනාත්මක පැත්ත, හැබැයි ඉතින් ගොසිප් නිසා කෙනෙක්ට ගොඩක් ජනප්‍රිය වෙන්න පුළුවන් ඒ නිසා මම දකින්නේ ගොසිප් කියනදේ හොඳ දෙයක් විදියට”

කාගේත් ආදරේ දිනාගෙන හිටපු සංජානා ඇයගේ බිඳී ගිය අතීත ආදරය ගැන කියන්නේ මේ වගේ කතාවක් ” මට හිටපු බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා, හැබැයි මම එයාට වරදක් කියන්නේ නෑ, අනේ මම දැන් කියන දෙයින් කාගේ හරි හිතක් රිදෙනවනම් මට සමාවෙන්න, අපි යාලු වුන මුල් කාලයේ වියදම් කලේ එයා, හැබැයි යාලුවුනාට පස්සේ මම ගැන බලන්නේවත් නෑ, අපි දෙන්නා ආදරේ කරද්දී මම මගේ සල්ලි කියලා හිතුවේ නෑ මම හිතුවේ ඒවා අපේ සල්ලි මම මොකද එයා මොකද කියලයි මම හිතුවේ, අපි කනවා බොනවා ෂොපින් කරනවා හරිම සතුටින් තමයි කාලය ගතකලේ,

එහෙම කාලය යද්දී මම එකතු කරපු සල්ලි සේරම බින්දුව දක්වා ආවා, වැඩිය ඕන නෑ එයා ඇන්දෙත් මම අරන්දීපු ඇඳුම්, එයාගේ වාහනේටපවා තෙල් ගැහුවේ මම, ඒ දෙයින් මාව බේරාගත්තේ මගේ අම්මා, අම්මා කොහොම හරි දැනගෙන මගේ ළඟ දැන් සල්ලි නෑ කියලා, අම්මා හොයාගෙන ඒ කෙනාගේ ඇත්ත තත්වය, ඇත්තමයි මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා ඒවා මතක් වෙද්දී, අදටත් මම කාටවත් වැරද්දක් කියන්නේ නෑ, හැබැයි එයා කරලා තියෙන්නේ අහිංසක මගේ සල්ලි ගරපු එක විතරයි”

Related Posts

Leave a Reply

Your email address will not be published.