Fri. Jan 28th, 2022

දෙරණ ඩ්‍රිම් ස්ටාර් සිසන් 3 තුළින් අදුරගත් දක්ෂ ගායිකාවක් විදිහට අපිට ටෂ්නි චතුරංගි පෙරේරා හදුන්වන්න පුළුවන්. ඇය මෑත කාලයේ ‘කොච්චි’ සංගීත කණ්ඩායම ඔස්සේ දකින්න ලැබුනත් එයින් ඇය ඉවත් වු බව දැනගන්න ලැබුනා. ඉතින් ඒ සියලු දේ ගැන කතා කරන්න අද ඇය වෙනුවෙන් කාලය වෙන් කරන්න හිතුවා. ටෂ්නි කවදාහරි ගායිකාවක් වෙන්න හිතුවද? “කවදාවත් මම ගායිකාවක් වෙන්න හිතුවේ නෑ. ඉගෙන ගත්ත පැත්තෙන් රැකියාවක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව වුනේ. හැබැයි දෙරණ ඩ්‍රිම් ස්ටාර් නිසාම මගේ ගමන වෙනස් වුනා. එයට ප්‍රෙක්ෂකයන්ගෙන් ලැබුන ආදරය ලොකු හේතුවක් වුනා කිවොත් හරි”

ඇත්තටම කොච්චි සංගිත කණ්ඩායම තුළින් ඔබ ඉවත් වුනාද. ඒ ගැන කියපු කට කතාව නිවැරදිද? “ඇත්තටම අපි ගොඩක් ලස්සනට මේ වැඩේ කරගෙන ආවා. හැබැයි ඒ අතරේ පොඩි ප්‍රශ්න ටිකක් ඇත වූනා. අද වෙනකන් මම තනියම කිසිම විදෙස් සංචාරයකට සහභාගි වෙලා නෑ. කලින්නම් උපේඛා අක්කාගේ අම්ම තාත්තා සහභාගි වුනා. ඉතින් වර්තමානයේ අපිට විදේශ සංචාරයකට සහභාගි වෙන්න ආරාධනා ලැබුනා. හැබැයි මම මහත්තයා සහභාගි කරගන්නවට එයාලා අකමැති වුනා. ඉතින් ඒ නිසා මම කිවා මම අයින් වෙන්නම් එයාලාට දිගටම වැඩ කරගෙන යන්න කියලා. විශේෂයෙන්ම සංවිදායක වරු තමයි කැමති නැත්තේ මම හස්බන්ඩ් එක්ක එනවට. ඉතින් මම අයින් වුනා. මොකද මට හැමදේටම වඩා මගේ පවුල වැදගත්. මම දැන් මහත්තයා එක්ක සංගිත ජිවිතේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.”

ජිවිතේ ආපස්ස⁣ට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ, “මම ජිවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේ සමාජය තුළින්. මම ජිවිතේ ඕනි තරම් වැටිලා තියෙනවා. රි⁣දිලා තියෙනවා. ඒ මම දුරදිග නොහිතා ගත්ත තිරණ එක්ක. හැබැයි මට අද මම ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. මොකද මම වැටිලා නැගිටිලා ජිවිතේ හදාගත්ත කෙනෙක්. මම කාටවත් ඉරිසියා කරන කෙනෙක නෙවෙයි. බොහොම ඉවසිමෙන් මම මගේ ගමන යනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *