‘එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තේ පස්සේ’ ජනප්‍රිය නිලි නිලුෂි කියන කතාව

නිලුෂි පවන්‍යා කියන්නේ මෑත කාලයේ බොහෝ දෙනෙක් කතා කරන බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් රංගන ශිල්පිනියක්. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය ගැනයි. දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිසාම නිලුෂිගෙන් අපි මුලින්ම ඇහුවේ රංගනය පිවිසිමට සිතුන කාලය ගැන, “ඇත්තටම මට පාසල් කාලයේනම් නිළියක් වෙන්න ඕනි කියලා කවදාවත් හිතුනේ නෑ. මම මේ විදිහට රංගයට ආවේ මම නිලියක් වුනේ හරිම අහම්බෙන්.

මම පාසල් කාලේ දක්ෂම ක්‍රිඩාවට. ම⁣ගේ දක්ෂතාවය නිසාම මට විවිධ පාසල් වලින් ආරාධනා ලැබුනා. හැබැයි මම කවදාවත් මගේ පාසල දාලා ගියේ නෑ. මම ක්‍රිඩාවට මුල් තැන දිලා තමයි වැඩ කලේ. ඉගෙනිම පවා මගේ ලොකු කැමැත්තක් තිබුනේ නෑ. මම පන්⁣තියේ 27-28 පවා වෙලා තියෙනවා. මොකද මම ඉගෙනිමට වඩා ක්‍රීඩාවට මුල් තැනදුන්න නිසා කොහොම වුනත් ඒ හැමදේකින්ම මම අද වෙනස් තැනක ඉන්නවා…”

රංගනය කියන දේ ඔබ පාසලෙන් ඉ⁣ගෙන ගෙන තියෙනවද? “මම මුලින්ම රඟපැවේ ‘ඉලන්දාරියා’ කියන ටෙලිනාට්‍යයේ. ඒ රංගනයට එද්දි මම රංගනය ගැන කිසි දෙයක් දන්නේ නෑ. මම ඉගෙන ගෙන තිබුනෙත් නෑ මුලින්ම කැමරාව ඉස්සරහට යද්දි බය වුනා මම. හැබැයි කාලයත් එක්ක මම ඒ දේවල් ඉගෙන ගත්තා. මම ඒ ගැන වෙනම ඉගෙන ගන්න රංගන ආයතන වලට ගියා. මම අදට වුනත් රංගනය ගැන ඉගෙන ගන්නවා.”

ප්‍රථම ප්‍රේමය මතක් කලොත්, “මට පාසල් කාලේප්‍රේමයක් නෑ. හැබැයි උසස් පෙළ අවසන් වෙද්දි කෙනෙක් මගෙන් ඇහුවා. මම එයාට කැමති වුනේනෑ
ටික කාලයත් යද්දි එයාට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා මට ආරංචි වුනා. එදානම ඇත්තටම මට ගොඩක් දුක හිතුනා. ඉතින් එදා තමා මට දැනුනේ මම එයාට ආදරේ කරලා තියෙනවා නේද කියලා. ඉස්සර මම ගොඩක් අහිංසක චරිතයක්. කාටවත් වදයක් නොවි තනියම පාඩුවේ හිටපු කෙනෙක්. ඉතින් දැන් වුනත් මම ම⁣ගේ දේවල් කරගෙන පාඩුවේ ජිවත් වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *